විල්පත්තුව වගේ තවත් ස්ථාන කිහිපයක දැවැන්ත විනාශයක්

(05.06.2018 – nethnews.lk)

විල්පත්තුව ආශ්‍රිතව සිදුවූවාක් මෙන් මහා පරිමාණ වන විනාශයක් තවත් ස්ථාන කිහිපයකම සිදුවෙමින් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඔවුන් ඒ පිළිබඳ කරුණු දැක්වූයේ අදට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි. පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා සඳහන් කළේ වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන් අක්කර 10000 ක් සහ දුම්බර අඩවිය ආශ්‍රිතව පිහිටා තිබෙන වනාන්තරවලින් අක්කර 5000 කුත් වශයෙන් වනවිනාශ කර ඇති බවයි. හම්බන්තොට ප්‍රදේශයේත් මෙම තත්ත්වය දැකගත හැකි බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

මහා පරිමාණ වගා සඳහාද වන විනාශය සිදු කෙරෙමින් ඇතැයි මෙහිදි විස්තර කෙරුණා.

ශ්‍රී ලංකාවේ වන ආවරණය මේ වනවිට සියයට 16 ක් පමණ දක්වා අඩු වී ඇතැයිද පරිසරවේදී සජීව චාමිකර මහතා සිහිපත් කළා. මෙලෙස වනාන්තර විනාශ කිරීම පරිසර ගැටලු රැසකට මුල්වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

********************************************

නාවලපිටිය රෝහලේ වෛද්‍ය අනියම් පෙම් හබය උසාවියට
(05.06.2018 – gossiplankanews.com)

නාවලපිටිය රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරන තිදරු මවක වන තම බිරිය හා අනියම් පෙමින් බැඳුණ ළාබාල අවිවාහක එම රෝහලේම වෛද්‍යවරයෙකු වාහනයක නැගී සොර ගමනක් යද්දී කෝපය ඉහවහාගිය එම රෝහලේම තවත් වෛද්‍යවරයෙකුවූ සැමියා එම වාහනය පසුපස ලුහුබැඳගොස් හප්පා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් පසුගියදා අධිකරණයේදී විභාග විය.

අනියම් පෙම් පළහිලව්වට භාජනය වූ වෛද්‍යවරුන් තිදෙනාම එකම රෝහලේ එකම කාර්යාලයේ සුහදව කටයුතු කරමින් සිටි අයයි. රෝහලේ දීර්ඝ කාලයක් සේවය කරමින් සිටින 47 හැවිරිදි වෛද්‍යවරයාගේ 44 හැවිරිදි බිරිය

මෑතක සිට පත්වීමක් ලැබ එම රෝහලට පැමිණි බව කියන අවිවාහක බාල වයස්කාර වෛද්‍යවරයකු සමග අනියම් පෙමක් ගොඩනගාගෙන ඇති බව සැලවීමෙන් පසු ඔවුන් යන එන තැන් ගැන 47 හැවිරිදි වෛද්‍යවරයා ඇස ගසාගෙන සිට තිබේ.

ඒ අනුව තමන්ට ආරංචි වූ දේවල් සත්‍ය බව වැටහී ඇත්තේ පසුගිය සතියේ කාර්යාල වේලාවේ හොර ගමනක් යන බව අතටම අසුවීමෙනි.

අනියම් පෙම්වතා සමඟ මෝටර් රථයකින් ගමන් කරනවා දුටු සැමියා තම මෝටර් රථයද පණගන්වාගෙන එම යුවළ ගමන් ගත් මෝටර් රථය පසුපස ගොස් තිබෙන අතර එය හප්පා අනියම් පෙම්වතාට මරණ තර්ජනය කර තිබේ.

මෙම ආරවුල එතැනින් නිම කරන්නට අකමැතිවූ තරුණ වෛද්‍යවරයා තමාට මරණ තර්ජන කළැයි සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පොලිස් පැමිණිල්ලක් කිරීම සමග සියල්ල ප්‍රසිද්ධ විය.

අධිකරණයට ඉදිරිපත් කළ 47 හැවිරිදි වෛද්‍යවරයා රුපියල් දසදහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියම කළේය.

තිදෙනා අතර අනියම් ඇසුර සම්බන්ධයෙන් වරින් වර ආරවුල් කිහිපයක් ඇතිවූ බවද නාවලපිටිය පොලිසිය වාර්තා කර තිබේ.
වෛද්‍ය බිරියට වැඩිවියට පත් දියණියන් දෙදෙනකු හා 13 හැවිරිදි බාල පුතකුද සිටින බවත් ඔවුන් අමතක කර අනියම් පෙමට වසඟවී තරුණ වෛද්‍යවරයා සමග සමීප ඇසුර පවත්වා ඇති බවටද කරුණු අනාවරණය විය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *