ටී එන් එල් රුපවාහිනී සේවාවේ පොල්ගවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තැබේ

තැන් කීපයක TNL රූපවාහිනියේ විකාශන කටයුතු නවතියි
(05.06.2018 – 15:11 +0530 – sinhala.adaderana.lk)

ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05) දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවත් එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම මෙයට මුලික හේතුව වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

එවැනි නිසි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරණ පනත යටතේ දඬුයම් ලැබිය හැකි වරදක් වන බව ද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

මේ හේතුවෙන් TNL මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ මේ වන විට විකාශන කටයුතු ඇණහිට තිබේ.

ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගැනීමෙන් පසුවයි.

එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, වයඹ හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව ද TNL රූපවාහිනි සේවය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ (04) දිනයේ දී අවසරයකින් තොරව විදුලි සංදේශ කුළුණක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි.

එම පැමිණිල්ල අනුව පොලීසිය විසින් අධිකරණය හමුවේ මෙම කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

ඒ පිළිබඳව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙසට හා එහි ඇති විකාශන උපකරණ, පොලිස් බාරයට ගන්නා ලෙසට නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් පොල්ගහවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

ටී එන් එල් රුපවාහිනී සේවාවේ පොල්ගවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තබා තිබේ.
(05.06.2018 – 17:19 +0530 – lankadeepa.lk)

එම රූපවාහිනි සේවය පොල්ගහවෙලින් විකාශනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත‍්‍රය මෙතෙක් ලබා නොතිබීම නිසා මෙසේ මුද්‍ර තැබු බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොල්ගහවෙල අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම විකාශනාගාරය අද (5) වටලා එහි තිබු විකාශන යන්ත‍්‍ර අත් අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය.

එවැනි නිසි බලපත‍්‍රයක් නොමැතිව සංඛයාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංන 27 දරන පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් මෙම රූපවාහිනි විකාශන මධ්‍යස්ථානය මුද්‍ර තබන ලද්දේ මෙම චෝදනාව යටතේ බවත් එම නිලධාරියා පැවැසීය.

මේ වනවිට එම බස්නාහිර වයඹ හා සබරගමුව පලාත්වල ප‍්‍රදේශ රැසක විකාශන කටයුතුවලට මෙම තත්ත්වය යටතේ බාධා පවතින බව ටී එන් එල් රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

මුදල් නොගෙවීමේ හේතුවක් පෙන්වමින් විකාශනාගාර උපකරණ ගලවතත් විකාශනාගාර පවත්වාගෙන යාම වෙනුවෙන් රජයට ගෙවිය යුතු සියලූ මුදල් ගෙවා ඇතැයි ද වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

වසර විසිපහක් පැරණි තම රූපවාහිනියට මෙවැනි චෝදනාවක් මීට පෙර එල්ල වී නැතැයි ද හෙතෙම කියා සිටියේය ෴

++++++++++++++++++++++++++++++++++++

TNL Tv NEWS 2018.06.05අප ආයතනයේ පොල්ගවෙල විකාශනාගාරය විදූලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ( TRC ) මුද්‍රා තබා තිබේ…..🔴Our websitehttp://tnltv.lk/🔴like us on facebook TNL Rupavahini Official Pagehttps://www.facebook.com/TNLTv.lk/🔴follow us on twitterhttps://twitter.com/TNLTvlk🔴Add circle Google Plushttps://plus.google.com/u/0/112729121375906492809🔴Subscribe To Our youtube Channelhttps://www.youtube.com/channel/UCgFK94EtfymL9AvhxQucaTw🔴follow us on vimeohttps://vimeo.com/tnltv🔴follow us on instagramhttps://www.instagram.com/tnltv.lk/🔴Telshan Network (pvt) LtdDampe, Piliyandala,Sri Lanka 10350.🔴Hotline | +94 11 2 706124🔴Fax | +94 11 2706124🔴e-mail | tnltvdigital@gmail.com🔴Web | http://tnltv.lk/🔴TNL Tv © All Rights Reserved

Posted by TNL Tv – Sri Lanka’s First Private Television Channel on Tuesday, June 5, 2018

++++++++++++++++++++++++++++++++++++

ටී.එන්.එල්. තහනම පනවන්නේ ජනාධිපතිවරයා දැඩිව විවේචනය කරමින් සිටිද්දී වීම විශේෂත්වයක්..
(05.06.2018 – 23:02 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

ටී. එන්. එල් රූපවාහිනී විකාශණ කුලුණු සදහා පැනවූ තහනම විදුලි සංදේශ කොමිසම නැමැති ගණිකාවගේ කන්‍යාභාවය රටට පෙන්වීම සදහා ගත් උත්සහයක් !

මෙරට පැරණිම රූපවාහිනී නාලිකාවක් වන ටී.එන්.එල් රෑපවාහිනී සේවයේ විකාශණ කුලුණු සදහා විදුලි සංදේශ කොමිසම විසින් පැනවූ තහනමට අප සංවිධානයේ දැඩි විරෝධය පළකරන අතර ටී.ඒන්.එල් රූපවාහිනී සේවය පවත්වාගෙන යන සමාගමෙන් මුදල් ගෙවීම් කිරීම සදහා යම් කිසි අතපසු වීමක් වූයේ නම් එම මුදල් ගෙවීම සදහා යම් කිසි කාලසීමක් ලබා දීම කල යුතුව තිබුන බව අපගේ අදහසයි. එසේ කළයුතු වන්නේ ටී.එන්. එල් රූපවාහිනිය යනු මෙරට ජනතාවට තොරතුරු ලබා ගැනීම සදහා මහඟු දායකත්වයක් ලබා දෙන ආයතනයක් වන නිසාය.

විදුලි සංදේශ කොමිසන් සභාව ලංකාවේ පවතින දූෂීතම ආයතනයක් බව පැවසූවේ වර්තමාන ජනාධිපතිවරයාම ය. ඒ 2017 වසරේදීය. මෙරට දුරකතන සමාගම් වලින් පාරිභෝගිකයාට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටීම සදහා පිට කොන්දක් නැති විදුලි සංදේශ කොමිසමේ නිරුවත අප විසින් හෙළිකලේ අද ඊයේ නොවේ. කළ යුතු දෙය නොව නොකල යුතු දෙය කරන ජනාධිපතිවරයාගේ යටතට ගැනෙණ විදුලි සංදේශ කොමිෂන් සභාව ටී.එන්.එල් රූපවාහිනී විකාශණ කුලුණු සදහා මෙම තහනම පනවන්නේ ජනාධිපතිවරයාගේ හැසිරීම දැඩිව විවේචනය කරමින් සිටිද්දී වීම විශේෂත්වයකි.

රටට විශාල සේවයක් කර පසුගිය දිනක මියගිය හැටන් පොලීසියට අනුයුක්තය සේවය කල කෝරා නමැති සුනඛයා තරම්වත් සේවාවක් රටට නොකළ දේශපාලන නායකයින් දැඩිව විවේචනය කිරීම වරදක් නම් අප රටේ ජනතාව තුන් වේලම ආහාර ගැනීමද විශාල වරදක් විය යුතුය.

මාධ්‍ය අධ්‍යනය පිළිබදව වන මහාචාර්යයවරයෙකු ජනාධිපතිවරයා නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයේ ලේකම්වරයා ලෙස පත්වී දින ගණනකදී මාධ්‍ය මර්ධනය කිරීම සදහා කටයුතු කිරීම එම පක්ෂයේ බංකොලොත්භාවය රටටම හෙළි කිරීමක් වන අතර ඉතාම ඉක්මනින් ටී.එන්.එල් රූපවාහිනී කුලුණු සදහා පනවන ලද වාරණය ඉවත් කර ගන්නා ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

++++++++++++++++++++++++++++++++++++

මල්ලිගේ ආණ්ඩුවට විරුද්දව අයියාගේ නාලිකාව යුද කැදවයි..
(06.06.2018 – 09:20 +0530 – lankacnews.com)

තම නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරයේ උපකරණ ගලවාගෙන යන ලද්දේ වැරදි හේතුවක් පෙන්වා යයි ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතා පවසයි.

විකාශනාගාරයක් පවත්වාගෙන යාම සදහා වන සියළු ගාස්තු රජයට තම ආයතනය විසින් ගෙවා ඇති බවද ඔහු සදහන් කරයි.

විසිපස් වසරක් පැරණි තම ආයතනයට මීට පෙර කිසිදු අවස්ථාවක මෙවන් චෝදනාක් එල්ල වී නැති බවද ඔහු පෙන්වා දෙයි.

ශාන් වික‍්‍රමසිංහ මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වෙයි ෴

මේ අතර ටී.එන්.එල්. මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය පවසන්නේ බදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තව දුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු වන බවත්ය. ප‍්‍රශ්ණගත කුළුණ පවත්වාගෙන යන්නේ 1995 වසරේ සිට බවත් ඇය වැඩි දුරටත් කියා සිටී ෴

++++++++++++++++++++++++++++++++++++

TNL අත නාරී.. ජනපතිට එරෙහිව ප‍්‍රහාර දැඩි කරයි.. ප‍්‍රවෘත්ති අතරතුර තවත් ප‍්‍රහාරයක්…
(06.06.2018 – 14:10 +0530 – lankacnews.com)

අපවත් වී වදාල මාදළුවාවේ සෝබිත හිමි ගුණ සමරුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල කරන ලද ටී.එන්.එල්. රූපවාහිනිය දෙවන වතාවටද ජනාධිපතිවරයා ඉලක්ක කර පෙරටද වඩා බරපතල ආකාරයේ විවේචන සිදු කරනු ලැබීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ප‍්‍රකාශ සමාජය තුල දැන් වැදගැම්මකට නැති තත්වයකට පත්ව ඇති බව එම නාලිකාවේ ප‍්‍රවෘත්ති විකාශණය අතරතුදී කියා සිටියේ වාර්තා වැඩසටහනක්ද ඉදිරිපත් කරමිනි.

මේ වන විට නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය වසා දමා ඇත්තේ කලක් තිස්සේ පලපත‍්‍ර ගාස්තු නොගෙවුයේ යයි චෝදනා මතයි.

ටී.එන්.එල්. නාලිකාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයාට අයත් වූවකි.

රනිල්ගේ අයියා ගේම අත නොහරී…TNL සිරිසේනගෙ ඉතුරු රෙදි ටිකත් ගලවයි…

Posted by කැලුම් ප්‍රියංකර on Tuesday, June 5, 2018

++++++++++++++++++++++++++++++++++++

ටී.එන්.එල් මුද්‍රා තැබීම ගැන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ විරෝධය
(06.06.2018 – 23:08 +0530 – lankadeepa.lk)

ටී.එන්.එල් විකාශනාගාරය මුද්‍රා තැබීම තරයේ හෙලා දකින්නේ යැයි ද එයින් පිළිබිඹු වන්නේ යහපාලන රජයේ මාධ්‍ය නිදහසේ තරම යැයි ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදුලි සංදේශ නියාමන කොමිසම හරහා ආණ්ඩුව මාධ්‍යට බලපෑම් කරන බවට චෝදනා කරන එම සංගමය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීමෙන් මින් පෙර ද එය මනාව තහවුරු කළේ යැයි ද කියයි.

ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස ඇති කිරීමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇතිනම් මෙම කොමිසම දැන්වත් දේශපාලන ග්‍රහණයෙන් නිදහස් කළ යුතු යැයි ද එමගින් අවධාරණය කර ඇත.

ජනමාධ්‍ය මුද්‍රා තබා ආණ්ඩුවට එරෙහි මත වැළැක්වීමට නොහැකි යැයි ද ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ ජනතාව දුන් පොරොන්දු ඉටු කිරීම මිස ජනමාධ්‍ය පාලනයට දේශපාලන බලය යොදාගැනීම නොවන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴

++++++++++++++++++++++++++++++++++++

වියරු මහින්ද රාජපක්ෂ රනිල්ගේ අයියා ශාන්ගේ ටීඑන්එල් තහනම් කරයි..! විකාශනාගාර වලට සීල්.!!
(05.06.2018 – News e Lanka)

ලංකාවේ මහජනතාවට ප්‍රථම වරට රූපවාහිනී අත්දැකීම හිමිකර දුන් ශාන් වික්‍රමසිංහ මහතාට අයත් ටී.එන්.එල්. රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ විකාශයන් තහනම් කරමින් මහින්ද රාජපක්ෂ විසින් අද එහි විකාශනාගාර වලට සීල් තබන ලදී.


මහින්ද රාජපක්ෂ

මෙසේ සීල් තබන ලද්දේ මහින්ද රාජපක්ෂ යටතේ පවතින සංදේශ නියාමන කොමිසම විසිනි.

මේ වන විට පොල්ගහවෙල පිහිටි ටීඑන්එල් විකාශණාගාරයට සීල් තබා ඇති අතර කරන්දෙනියේ පිහිටි විකාශණාගාරය වෙත ගමන් කරමින් සිටී.

සීල් තැබීමට හේතු කරගෙන ඇත්තේ ටීඑන්එල් ආයතනය විදුලි සංදේශ නියාමන කොමිසමට ගෙවිය යුතු මුදල් ගෙවා නැතැයි කියමින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩුවක් අනුව ඒකපාර්ශවිකව වාරණ නියෝගයක් ලබා ගනිමිනි.

‘නිව්ස් ඊ ලංකා’ මේ සම්බන්ධයෙන් ටීඑන්එල් අධිපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන් විමසන ලදුව ඔහු ප්‍රකාශ කර සිටියේ ගෙවීම් හිඟයක් සම්බන්ධයෙන් හෝ නඩුවක් සම්බන්ධයෙන් හෝ තමන්ට කිසිදු දැනුම්දීමක් සිදුකර නැති බවයි. තමා වසර 20 කට අධික කාලයක් විදුලි සංදේශ නියාමන කොමිසමට නියමිත පරිදි අදාල මුදල් ගෙවා ඇති බවත් වෙනත් කිසියම් ප්‍රශ්නයක් මතු වූ විටෙක ඒ පිලිබඳ කොමිසමට යවන ලද ලිපියකට අද දක්වා පිළිතුරක් එවා නොතිබූ බවයි. කෙසේ වෙතත් මෙය මුදල් ගෙවීමේ ප්‍රශ්නයක් ලෙස තමා නොසලකන අතර පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ විසින් සෝභි හිමිගේ ගුණ සමරුවේදී කරන ලද ප්‍රකාශ පරස්පර බවට ඔහුගේ පසුගිය ප්‍රකාශයන්ම ගෙන හැර දක්වමින් කරන ලද වැඩ සටහන් හේතුවෙන් කරන ලද මාධ්‍ය මර්දනයක් ලෙස මේ සිද්ධිය සලකන බවත් ශාන් වික්‍රමසිංහ මහතා පැවසීය. කෙසේ වෙතත් තමන් මේ සම්බන්ධයෙන් වන්දි ඉල්ලා අධිකරණයේ නඩු පවරන බවද හේ වැඩිදුරටත් කීය.

ශාන් වික්‍රමසිංහ යනු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ වැඩිමහල් සහෝදරයා ය. මහින්ද රාජපක්ෂගේ දුව පියා ජනාධිපතිවීමෙන් පසු දැන්වීම් ආයතන එකට දෙකක්ම හදා ගනිමින් රජයේ මුදල් කෝටි ගණනින් ගසා කද්දී, ශාන් වික්‍රමසිංහ මල්ලී අගමැති වුවද සිය නාලිකාවට රජයේ දැන්වීම් ඉල්ලමින් කිසිවෙකු පසුපස ගිය පුද්ගලයෙකු නොවේ.

සෝභි හිමි ගුණ සමරුවේ දී මහින්ද රාජපක්ෂගේ ආත්ම නාශක ප්‍රකාශ වල පරස්පරය පෙන්වමින් ටීඑන්එල් පමණක් නොව වෙනත් නාලිකාද වැඩ සටහන් ප්‍රචාරය කරන ලද නමුත් මහින්ද රාජපක්ෂ පළිගෙන ඇත්තේ අගමැතිගේ අයියාගෙන් පමණි.

‘නිව්ස් ඊ ලංකා’ලංකාව තුල බ්ලොක් කෙළේද සංදේශ කොමිසමේ මේ ආකාරයේම නියෝග මත අනුව වන නමුත් එහිදී අධිකරණ නියෝගයක් හෝ ලබා ගත්තේ නැත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය නිදහස දුන්නා යැයි කරන ප්‍රකාශ නිකම්ම නිකම් පුහු ප්‍රකාශ වන අතර මේ වන විට රටට අන්තර්ජාලයේ ඔන් ලයින් සිංහල මාධ්‍ය කලාව හඳුන්වාදුන් ‘නිව්ස් ඊ ලංකා’ ද රටට රූපවාහිනිය හඳුන්වාදුන් ටීඑන්එල් ද තහනම් කර තිබේ. ලංකාවේ පළමු වරට රූපවාහිනී නාලිකාවක් තහනම් කෙළේ මහින්ද රාජපක්ෂ බවට ඉතිහාසයේ නම ලියැවෙනු ඇත.

පොහොට්ටු නායක මහින්ද රාජපක්ෂ මාන¤ක ආබා¤යකින් පෙළෙන බව ‘නිව්ස් ඊ ලංකා’ පසුගියදා වාර්තා කරන ලදී ෴

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

06.06.2018

TNL Tv NEWS 6.55 —- 2018.06.06

Posted by TNL Tv – Sri Lanka’s First Private Television Channel on Wednesday, June 6, 2018

++++++++++++++++++++++++++++++++

නිවේදන බොරු.. TNL අවහිර කලේ ජනාධිපතිව විවේචනය කල නිසා..
(07.06.2018 – 15:00 +0530 – lankacnews.com)

විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ටී.එන්.එල්. නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය වසා දමන ලද්දේ වෙනත් කිසිදු හේතුවක් නොව එහි ප්‍රවෘත්ති විකාශයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විවේචනය කිරීම යයි වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු….!

TNL රූපවාහිනී ආයතනයට අයත් ‍පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් අත්තනෝමතික ලෙස සීල් තබා එම සම්ප්‍රේෂණ උපකරන ගලවා ඉවත් කරගෙන යෑම සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිය දැඩි විරෝධය පලකර සිටිමු.

ටි.එන්. එල් රූපවාහිනි සේවය විසින් TRCවෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි ගෙවා තිබියදිත් කිසිදු දැනුම් දිමකින් තොරව ටි.එන්. එල් රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට ගිය TRC නිළධාරින් විකාශනය අත්හිටුවා එම උපකරණ ගලවාගෙන ගොස් ඇති අතර ඒ සදහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

අප මේ සම්බන්ධයෙන් ටි.එන්. එල් (TNL) රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගෙන්ද විමසිමේදී ඔහු තහවුරු කරමින් කියා සිටියේ තම නාලිකාව TRC වෙත සියලු ගෙවිම් කර ඇති බවයි. ඒ සියල්ලටත් වඩා විකාශනය අත් හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අදාළ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කිරිමේ වගකීමක් සහ යුතුකමක් මෙරටේ මාධ්‍ය පාලනයට පත් කර ඇති රජයේ වගකිව යුතු ආයතනය වන TRC සතු විය යුතු බව අපි අමුතුවෙන් කිව යුතු නෙවේ.ඒ අනුව ගත්කල TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නිළධාරීන් අවම සදාචාරයවත් පවත්වාගෙන යෑමට සමත් වි නැති අතර ඒ තරම් හදිසියේ වරද පටවා සම්ප්‍රේෂණාගාරයකට සීල් තැබීම පිටුපස අදිසි දේශපාලන හස්තයක ක්‍රියාත්මක වීමක් ඇති බවට සැකයක් ද ඒ තුළින්ම මතු වේ.

TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව ඍජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අතර ජනාධිපති ලේකම්වරයා එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එවන් තත්ත්වයක් තුළ පසුගිය දිනකිහිපය තුල TNL නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් හිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරන ප්‍රකාශයන්හි විශ්වසනීයභාවය පිළිබඳව විවේචනාත්මක පුවත් කිහිපයක් ප්‍රචාරය වීමත් එම නාලිකාවේ සම්ප්‍රේෂණයට TRC හරහා බලපෑම් එල්ල විමත් අතර සමීප සබඳතාවයක් ඇති බව බැලු බැල්මටම පෙනී යන බව මෙහිදි අවධාරණයෙන් සඳහන් කරමු.

පසුගිය කාලසිමාව පුරාම මාධ්‍යයට විවිධ අකාරයේ බලපෑම් එල්ල වු අතර කප්පම්, විවිධ වරප්‍රසාද ලබාදිමෙන් මාධ්‍ය තමන්ට රිසී සේ පාලනය කිරිමට උත්සහ කිරීම, ආණ්ඩුවට හිසරදයක් බවට පත්ව ඇති ඇත්ත කියන වෙබ් සහ සමාජ ජාලා තහනම් කිරිමට කටයුතු කිරීම, සිරස නාලිකාව ඉදිරිපිට රතිඤ්ඤා දල්වා එහි සේවකයන් භීතියට පත්කිරිම, යාපනයේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම වැනි නිර්ලජ්ජිත ක්‍රියාවන් පෙළක්ම දක්නට ලැබුණි. එම ක්‍රියාවලියේ වර්ධනාත්මක ප්‍රවේශයක් පෙන්වා දෙමින් TNL නාලිකාවේ සම්ප්‍රේෂණයට බාධාකිරිම මේ රටේ මාධ්‍යයේ අනාගතය එතරම් සුභවාදි නොවන බව සාක්ෂාත් කිරීමට හොඳම නිදර්ශනය සපයනු ලබයි.

කෙටි කාලයක් තුලදි දිගින් දිගටම සිදු වූ මේ සියළු මර්දනකාරි ක්‍රියාවන් පිටුපස සැඟවුණු තර්ජනයක් මාධ්‍යයට එල්ල කරන බව පැහැදිළි වන අතරම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ඉලක්කකර එල්ල වන ප්‍රහාරයන් පසුපස සැබැවටම ඇත්තේ කාගේ හෝ බසකට අවනත නොවන්නේ නම් ඔවුන්ද මර්දනය කිරීමට පසුබට නොවන බවට වන පණිවිඩය නොවේද? ඒ හරහා මාධ්‍යය රූකඩ බවට පත් කොට ගනිමින් වන්දිභට්ට ප්‍රශස්ති ගායනට පමණක් යොදා ගැනීමට දරන මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට කිසිසේත්ම සුභවාදී නොවේ.

ඒ නිසා මේ රටේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියාත්මක වන මේ ඍජු හා වක්‍ර මර්දනය අවසන් කිරීමට කටයුතු කොට රටේ මාධ්‍ය නිදහස ඇති කිරීමට වහාම ක්‍රියාත්මක වන ලෙස අපි ඒ වෙනුවෙන් වගකියන නිලධාරින්ට හා ආයතන වලට තරයේ බල කර සිටිමු.

කැදවුම්කරු
දුමිදු දිසානායක
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා

++++++++++++++++++++++++++++++++

ටී.එන්.එල් තහනමෙන් ආණ්ඩුව තුළ ඇති අර්බුදය හෙළි වෙනවා… රමේෂ් පතිරණ

+++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

‘ටීඑන්එල්’ ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කරුණු ඉල්ලයි
(07.06.2018 – 16:33 +0530 – lankadeepa.lk)

ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය සීල් තැබීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ හේතු දැක්වීම් හා ආයතන හිමිකාරිත්වයේ ප්‍රතිචාර විවාද සම්පන්න බැවින් ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් විස්තරාත්මක කරුණු දැක්වීමක් කළ යුතු යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සිය ප්‍රවෘත්ති විකාශයන්හිදී දැඩි විවේචනාත්මක ස්වරූපයකින් පල කරන්නට ටී.එන්.එල් නාලිකාව කටයුතු කිරීම හා මෙම තහනම අතර සම්බන්ධයක් ඇතිදැයි සමාජ කතිකාවක් නිර්මාණය වී ඇතැයි එහි කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මකව කටයුතු කරන ජනමාධ්‍ය ආයතන බිය වැද්දීම සඳහා විවිධ උපාය මාර්ග අනුගමනය කිරීමේ අවස්ථා කිහිපයක්ම මෑත කාලයේ වාර්තා වී යැයි චෝදනා කරන එම සංවිධානය එවැනි බිය වැද්දීම්, තර්ජනය කිරීම් හා බාධා කිරීම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට හිතකර නොවන්නේ යැයි ද අවධාරණය කරයි.

එබැවින් ශ්‍රී ලංකාවෙහි වඩා උසස් මාධ්‍ය සංස්කෘතියක් සේම උසස් දේශපාලන සංස්කෘතියක්ද නිර්මාණය වීම අත්‍යවශ්‍ය බව කල්පනා කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සඳහා බලපෑම් කරමින් මෙම සිදුවීමට අදාළ සියලු කරුණු ඉතාමත් සැළකිල්ලෙන් අධ්‍යනය කරමින් සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴

+++++++++++++++++++++++++++++++++

මේ රට යන විදිහ අන්තිමයි..ලංකාවට රූපවාහිනී කලාව ගෙනා රනිල්ගේ වැඩිමල් සහෝදරයා ශාන් වික්‍රමසිංහ කියන කතාව
( 07.06.2018 – gossiplankanews.com )

++++++++++++++++++++++++++++++++++++++

අයියාගේ TNL වෙනුවෙන් රනිල් මල්ලී අනුශාසක පන්සල TRC ට පනී… සංදේශයෙන් හොර එලිවෙයි…
(07.06.2018 – 22:50 +0530 – lankacnews.com)

ටීඑන්එල් නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය අත්හිටුවීම සම්බන්දයෙන් විරෝධය පළකරමින් භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සංදේශයක් භාර දී ඇත.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයටද සංදේශයක් භාර දී ඇත.

මෙසේ සංදේශයක් බාර දී ඇත්තේ කොලොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්වෙල පඤ්ඤාලෝක හිමියන් ඇතුළු පිරිසකි.

එම විහාරස්ථානයේ ප‍්‍රධාන ගිහි අනුශාසක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් දායක සභාවේ සෙසු ප‍්‍රධාන නිලයන් දරන්නේද අගමැතිවරයාගේ පවුලේ ඥාතීන් විසින් බවත් එම භික්‍ෂූන් හන්සේලා පිරිස විසින් බාර දුන් සංදේශයේම දක්නට ලැබීව විශේෂත්වයකි.

—————————–

සිරිසේනගේ උප්පැන්නේ රෝහලේදි මාරුවෙලා

මෛත්‍රිගේ ජාතකේ වැරැද්ද – TNL වාරණයට එරෙහිවසිරිසේනගේ උප්පැන්නේ රෝහලේදි මාරුවෙලා"අපි ජනාධිපතිතුමාගේ මල්ලිට කිව්වේ නෑනේ කොහේ හරි යන මිනිහෙක්ගෙන් පොරෝ පාර කන්න කියලා. ජනාධිපතිතුමාගේ මල්ලිව ටෙලිකොම් එකේ සභාපති කරන්න කියලා කිව්වේ නෑනේ මහත්තයෝ සෝභිත හාමුදුරුවෝ. වැව් ඉස්මත්තේ හෝටල් හදන්න කියලා කිව්වාද එයාගේ දුවට? එයාගේ පුතාට කිව්වාද මේ රටේ මිනිස්සුගෙන් කප්පම් ගන්න කියලා. එයාගේ මල්ලිට කිව්වාද සෝභිත හාමුදුරුවෝ කප්පම් ගන්න කියලා. කිව්වේ නෑනේ. සෝභිත හාමුදුරුවෝ හොල්මන් කරනවා මේ ඔලුවේ. රෑට නිදා ගන්න දෙන්නේ නෑ. මේ හාමුදුරුවෝ ඕකෝටම එහෙමයි. ඔබතුමාලව බය කරන්නේ නැද්ද? ඔබතුමාලගේ ජනාධිපතිතුමාව බය කරනවා නේ. හාමුදුරුවෝ කියන්නේ සිංහයෝ සිංහයෝ තණකොළ කන්නේ නෑ. "~~සේදවත්ත වෙහෙරගොඩ අඹන්වල ඥානලෝක හිමියෝ ~~

Posted by UPFA – A Brighter Future on Thursday, June 7, 2018

+++++++++++++++++++++++++++++++++

ටීඑන්එල් සීල් තැබීම මෙන්ම ලංකා ඊනිවුස් වාරණයද වහා අකුලාගන්න – ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
(07.06.2018 – News e Lanka)

= ඊනිවුස් වාරණයෙන් පසු ආණ්ඩුව ටීඑන්එල් රූපවාහිනියට අත තැබුවා..! ටීඑන්එල් සීල් තැබීම මෙන්ම ලංකා ඊනිවුස් වාරණයද වහා අකුලාගන්න – ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය =

ටීඑන්එල් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තැබීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කිරීම ගැන නෛතික මුහුණුවරක් පෙන්වීමට උත්සාහ කළ ද එය දේශපාලන කාරණයක් මුල්කරගෙන කළ මාධ්‍ය මර්දනයක් ලෙස අපි සලකමු.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති ලේකම්වරයාය. මෙය ජනාධිපතිවරයා යටතේ ඇති ආයතනයකි. පසුගිය ජනාධිපතිවරණය සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබා දුන් නීති විරෝධී නියෝග හරහා මුදල් අවභාවිත කළ බවට ද චෝදනාවක් එල්ල වූ අතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු ජනාධිපති ලේකම්වරයා මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්ද වරදකරු විය. මෙවරද ටීඑන්එල් විකාශනාගාරයට සීල් තැබීමට හේතුව ද එවැනි නීති විරෝධී නියෝගයක් බව අපගේ විශ්වාසයයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පැවැති පළමු මාධ්‍ය හමුවේ සිට රාජපක්ෂ රජයෙන් ජනමාධ්‍යයට එල්ල වූ බලපෑම් ගැන කතා කළේය. මාධ්‍ය නිදහස ලබා දෙන බවත්, සාධාරණ විවේචනයන්ට ඉඩ දෙන බවත් පුන පුනා කීවේය. ඒ සියල්ල හුදෙක් අන් රජයන් සේම ලබා දුන් බොරු ඡන්ද පොරාන්දු බව පෙන්වමින් ජනමාධ්‍ය සංවිධාන විරෝධය දක්වද්දී පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයා මුලින්ම පියවර ගත්තේය.

පසුගිය දශකයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලටද එල්ල වූ බලපෑම් ගැන සොයන්නට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු ජනමාධ්‍ය සංවිධාන අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් එවැනි කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත. එසේම පසුගිය වකවානුවේ පීඩාවට පත් මාධ්‍යවේදීන්ට වන්දි පිරිනැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවද වත්මත් රජය බලයට පත්වී වසර තුනකට අධික කාලයක් ගත වුවද ලැබුණු වන්දියක් නැත.

නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් සාගල රත්නායක මහතා 2016 නොවැම්බර් 19 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව 2006 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් ගණන 13 කි. පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 87 කි. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් ගණන 20ක් වන අතර ජනමාධ්‍ය ආයතන පහක් ප්‍රහාරයට ලක්වී තිබේ. මේ අතුරින් තවමත් විමර්ශන ආරම්භ වී ඇත්තේ මාධ්‍යවේදීන් පස් දෙනකු සම්බන්ධ විමර්ශන පමණි. විශේෂයෙන්ම ඝාතනයට ලක්වූ දෙමළ ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එකදු විමර්ශනයක්වත් අවසානයක් කරා ගෙන යාමට විමර්ශකයන්ට නොහැකි වී ඇත්තේ විවිධ ක්‍රමවලින් විධායකය හරහා ලැබෙන බලපෑම් බව අපේ විශ්වාසයයි.

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියකු පහර දෙනු ලැබීමෙන් පසු ඒ ගැන විමර්ශනයක්වත් නොකළ ආණ්ඩුව, පහරකෑ මාධ්‍යවේදියා වෙනුවට නාවික හමුදාපතිවරයා ආරක්ෂා කළේය. එපමණක් නොව නාවික හමුදාපතිට උසස්වීමක් හා සේවා දිගු කිහිපයක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ජනමාධ්‍ය ප්‍රජාවගේ දැඩි විරෝධය මධ්‍යයේය.

ත්‍රිවිධ හමුදාව අයත්වන ආරක්ෂක අමාත්‍යංශය භාර ඇමැතිවරයා ද ජනාධිපතිවරයාය. එසේ තිබිය දී ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පැවැති විමර්ශනවලට හමුදාවේ සහයෝගය ලැබුණේ නැත. රතුපස්වල සහ නාවික හමුදාවෙන් තරුණයන් අතුරුදන් කිරීම සම්බන්ධ විමර්ශනවල දී ද ආරක්ෂක අංශවලින් ලැබුණු සහයෝගය අවම මට්ටමක තිබිණි. ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නොතිබිණි.

එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කිරීමට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප ලබා නොදීම ගැන ද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කළේය.

යහපාලන ආණ්ඩුව මාධ්‍ය මර්දනයට අත ගැසුවේ ජනාධිපතිවරයා යටතේ ඇති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාවේ නැරඹීමේ හැකියාව අහුරමිනි. මහින්ද රාජපක්ෂ රජය සමයේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කිරීමට එරෙහිව හඬ නැගූ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ඊනිවුස් වෙබ් අඩවිය තහනම් කිරීම සම්බන්ධයෙන් මුණිවත රැක්කේය.

ඊනිවුස් වාරණයෙන් පසු ආණ්ඩුව ටීඑන්එල් රූපවාහිනියට අත තැබීය. ලංකාවට රූපවාහිනී අත්දැකීමක් හඳුන්වාදීමට පුරෝගාමී වූ ශාන් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පසුබිම මෙහිදී වැදගත් නොවන අතර එම නාලිකාවේ විකාශනාගාරය තහනම් කිරීම සම්බ්නධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැන් කුමන කතා කීවත් මෙය දේශපාලන බලපෑම් මත සිදු කරන ලද්දක් බව අපේ විශ්වාසයයි.

ටීඑන්එල් සීල් තැබීම මෙන්ම ලංකා ඊනිවුස් වාරණයද වහා ඉවත් කරමින් මාධ්‍ය මර්දනයට ගෙන ඇති පියවරයන් වහා හකුලා ගන්නා ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයට බල කර සිටී.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිල නිවේදනයකි

+++++++++++++++++++++++++++++++++

08.06.2018

Breaking News –TNL TRC නඩුව ලබන 06 වෙනිදාට කල් යයි…🔴Our websitehttp://tnltv.lk/🔴like us facebook TNL Rupavahini Official Pagehttps://www.facebook.com/TNLTvlk/🔴follow us twitterhttps://twitter.com/TNLTvlk🔴Add circle Google Plushttps://plus.google.com/u/0/112729121375906492809🔴Subscribe To Our youtube Channelhttps://www.youtube.com/channel/UCgFK94EtfymL9AvhxQucaTw🔴follow us on vimeohttps://vimeo.com/tnltv🔴follow us on instagramhttps://www.instagram.com/tnltv.lk/🔴Telshan Network (pvt) LtdDampe, Piliyandala,Sri Lanka 10350.🔴Hotline | +94 11 2 706124🔴Fax | +94 11 2706124🔴e-mail | tnltvdigital@gmail.com🔴Web | http://tnltv.lk/🔴TNL Tv © All Rights Reserved

Posted by TNL Tv – Sri Lanka’s First Private Television Channel on Friday, June 8, 2018

+++++++++++++++++++++++++++++++++++++

08.06.2018

TNL Tv NEWS 6.55 —- 2018.06.08🔴Our websitehttp://tnltv.lk/🔴like us facebook TNL Rupavahini Official Pagehttps://www.facebook.com/TNLTvlk/🔴follow us twitterhttps://twitter.com/TNLTvlk🔴Add circle Google Plushttps://plus.google.com/u/0/112729121375906492809🔴Subscribe To Our youtube Channelhttps://www.youtube.com/channel/UCgFK94EtfymL9AvhxQucaTw🔴follow us on vimeohttps://vimeo.com/tnltv🔴follow us on instagramhttps://www.instagram.com/tnltv.lk/🔴Telshan Network (pvt) LtdDampe, Piliyandala,Sri Lanka 10350.🔴Hotline | +94 11 2 706124🔴Fax | +94 11 2706124🔴e-mail | tnltvdigital@gmail.com🔴Web | http://tnltv.lk/🔴TNL Tv © All Rights Reserved

Posted by TNL Tv – Sri Lanka’s First Private Television Channel on Friday, June 8, 2018

+++++++++++++++++++++++++++++++++

08.06.2018

TNL තහනම පිලිබදව පාර්ලිමේන්තුවේදී සිදුවූ සම්පූර්ණ විවාදය ……2018.06.08.🔴Our websitehttp://tnltv.lk/🔴like us facebook TNL Rupavahini Official Pagehttps://www.facebook.com/TNLTvlk/🔴follow us twitterhttps://twitter.com/TNLTvlk🔴Add circle Google Plushttps://plus.google.com/u/0/112729121375906492809🔴Subscribe To Our youtube Channelhttps://www.youtube.com/channel/UCgFK94EtfymL9AvhxQucaTw🔴follow us on vimeohttps://vimeo.com/tnltv🔴follow us on instagramhttps://www.instagram.com/tnltv.lk/🔴Telshan Network (pvt) LtdDampe, Piliyandala,Sri Lanka 10350.🔴Hotline | +94 11 2 706124🔴Fax | +94 11 2706124🔴e-mail | tnltvdigital@gmail.com🔴Web | http://tnltv.lk/🔴TNL Tv © All Rights Reserved

Posted by TNL Tv – Sri Lanka’s First Private Television Channel on Friday, June 8, 2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *