තිරිසනා වුනත් යාපනයේ විද්‍යා දැරියගේ සුරතලාට තනිකම දැනුනු හැටි..

(30.09.2017 – 06:28 +0530 – lankacnews.com)

ඝාතනයට ලක්වු යාපනය පුන්කුඩතිව් ශිවලෝගනාදන් විද්‍ය දැරිය ආදරෙන් ඇති දැඩි කළ බලු පැටියා තවමත් විද්‍යා එනතෙක් මග බලාගෙන සිටින බව විද්‍යාගේ මව ශිවලෝගනාදන් සරස්වතී පැවැසීය.

විද්‍යාගේ නඩු තීන්දුවෙන් අනතුරුව නිවසට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව පවසන අතර විද්‍යාගේ ඥාතීන් විද්‍යාගේ ජායාරූපයක් බලු පැටියාට පෙන්වු අවස්ථාවේදී බලු පැටියා ඉතා සතුටින් ඉපිළ ගිය ආකාරයක්ද දක්නට ලැබිණ.

විද්‍යාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදීද මෙම බලු පැටියා විද්‍යාගේ සොහොන් ගැබට ආචාර කිරීමට පැමිණි බවද විද්‍යාෙග් මළ සිරුර පුන්කුඩතිව්හි කැලෑවක තිබු අවස්ථාවේදී මුලින්ම විද්‍යා දැරියගේ සපත්තුවක් කටින් රැගෙන විද්‍යාගේ සොහොයුරා ඉදිරියට පැමිණි බවටත් පසුව සොහොයුරා විසින් බලුපැටියා සමග විද්‍යා දැරියගේ මළ සිරුර දෙසට දිව ගිය බවටද විද්‍යාගේ මව කියයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

++++++++++++++++++++++++++++++++

සමූහ දූෂණයට ලක්වූ විද්‍යා දැරියගේ බලු පැටියා තවමත් දුකින්
(29.09.2017 – 07:16 +0530 – hirunews.lk/sinhala)

යාපනය,පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍ය ජිවත්ව සිටි සමයේ කැමැත්තෙන් ඇති දැඩි කළ බලු පැටියා තවමත් විද්‍යා එනතෙක් මග බලාගෙන සිටින බව විද්‍යාගේ මව ශිවලෝගනාදන් සරස්වතී පවසනවා.

විද්‍යා නඩු තීන්දුවෙන් අනතුරුව ඔවුනගේ නිවස වෙත පැමිණි අවස්ථාවේදී සරස්වතී එලෙස පැවසුවා.

විද්‍යාගේ නිවසේ උදවිය විද්‍යාගේ ජායාරූපයක් බලු පැටියා වෙත පෙන්වූ අවස්ථාවේදී අදාළ බලු පැටියා ඉතා සතුටින් ඉපිළ ගිය ආකායක්ද දක්නට ලැබූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

විද්‍යාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදී අදාළ බලු පැටියාද විද්‍යාගේ සොහොන් ගැබට ආචාර කිරීමට පැමිණි බවද විද්‍යාගේ පවුලේ උදවිය පවසනවා.







********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *