බැදුම්කර පත්තරේ බංකොලොත්.. සල්ලි දාන්න බෑ කියා බැදුම්කර හොරා කියයි.. නැවු පඩිවලට ගිය මාධ්‍යවේදීන් ආපසු පැරණි පත්තරවලටම රිංගයි..

(29.09.2017 – 09:20 +0530 – lankacnews.com)

මහ බැංකුවේ බැදුම්කර සොරකමෙන් උපයා ගන්නා ලද මුදලින් මහා පම්පෝරි ගසා ආරම්භ කරන ලද බැදුම්කර පුවත්පතට තව දුරටත් මුදල් යෙදවීමට නොහැකි බව බැදුම්කර හොරුන් විසින් දැන්වීමත් සමග එම ආයතනය කඩා වැටීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.

විශාල මාසික වැටප් ලබා දෙන බවට වූ පොරොන්දුව මත ලංකාදීප, මවුබිම ආදී පුවත්පත්වල මාධ්‍යවේදීන් එම බැදුම්කර පුවත්තේ සේවයට ගියද මේ වන විට ඔවුන්ගේ වැටුප් පවා ගෙවීම කල් දමිමින් සිටින අතර ප‍්‍රාදේහීය වාර්තාකරුවන්ටද මාස කිහිපයකින් මුදල් ගෙවා නැති බවද පැවසෙයි.

බැදුම්කර හොරුන් විසින් පුවත්පතේ මෙහෙයුම් බලධාරීන්ට දන්වා ඇත්තේ ඇතිව තිබෙන ප‍්‍රශ්නකාරී තත්වය නිසා තව දුරටත් මුදල් යෙදවිය නොහැකි බවත් පුවත්පත නඩත්තු කිරීමට පුවත්පතෙන්ම මුදල් උපයා ගන්නා ලෙසත්ය.

දිනපතා පුවත්පතක් හා සති අන්ත පුවත්පතක් ලෙස ආරම්භ කරන ලද මෙම පුවත්පතේ මිල වැඩිකරන බවද මේ වන විට අලෙවි නියෝජිතයන්ට දන්වා ඇත.

සැලකිය යුතු තරම් අලෙවියක්ද නැති නිසා පවතින මුල්‍ය අර්බුදය ආවරණය කර ගැනීමට පුවත්පතේ ප‍්‍රධාන කතෘවරයා රජයේ ආයතනවලට කතා කර දැන්වීම් ලබා ගැනීමට විශාල උත්සාහයක් දරමින් සිටී.

ඉහල වැටුප්වලට පොරොන්දු වී බැදුම්කර පුවත්පතේ සේවයට ගිය මාධ්‍යවේදීන් මේ වන විට තමන් කලින් සේවය කල මාද්‍ය ආයතනවල ප‍්‍රධානීන් අමතා නැවත තමනට එහි සේවය කිරීමේ අවස්ථාව ඉල්ලමින් ඇති අතර ඒ අනුව කිහිප දෙනෙකුම ඉදිරි දින කිහිපයේදී ඉන් ඉවත්වීමට නියමිත බවද වාර්තා වෙයි ෴

*****************************************

මියන්මාර සරණාගතයින් රදවා සිටින බූස්ස රැදවුම් මධ්‍යස්ථානය අසළ විරෝධතා තහනම්
(30.09.2017 – 07:14 +0530 – hirunews.lk/sinhala)

මියන්මාර සරණාගතයින් රදවා සිටින බූස්ස රැදවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට හෝ ඒ අවට මාර්ගවල විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න, සිංහල ජාතික බලමුළුවේ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසකටයි.

අද දිනයේ බූස්ස රැදවුම් කදවුර ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.

ඒ අනුවයි අධිකරණය මගින් ඊයේ පස්වරුවේ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර සරණාගතයින් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි. 34 හැවිරිදි ඔහු මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු පසුගිය මහ මැතිවරණයේදී බොදුජන පෙරමුණෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු අපේක්ෂකයෙකු බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරු ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුගිය 26 වන දා ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි මෙම මියන්මාර සරණාගතයින් රැදී සිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ක්‍රියාත්මක කළා.

පසුව පොලීසිය සරණාගතයින් පිරිස පොලිස් භාරයට ගෙන පසුව යළිත් එම නිවසටම යොමු කර තිබුණා.

කෙසේ වෙතත්, එදිනම පස්වරුවේ එම ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් යළි ඊට විරෝධය පළ කිරීමත් සමඟ අදාළ සරණාගතයින් 30 දෙනා පොලිස් භාරයට ගෙන බූස්ස රැදවුම් කදවුර වෙත යොමු කරනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *