ක්‍රිකට් අර්බුදයේ අර්ජුන හා රෙනෝගේ තිරය පිටුපස කොටි නැටුම..!

(30.09.2017 – 09:00 +0530 – lankaenews.com)

ලංකා ඊ නිව්ස් සාමාන්‍යයෙන් ලංකාව ගැන සත්‍ය තොරතුරු මහජනතාවට ගෙන එන ප්‍රබලතම මාධ්‍යයක් නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන හා ක්‍රිකට් ක්ෂේත්‍රයේ අභ්‍යන්තරය හොඳින් දන්නා ක්‍රිකට් ලෝලියෙකු හැටියට මෙය ලියා එවන්නට සිතුවෙමි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ එක්තරා මාධ්‍ය නාලිකාවක් (මෙය බොහෝ දෙනා හඳුන්වන්නේ කුඩු නාලිකාව කියාය) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ක්‍රිකට් පරිපාලනයටත් එරෙහිව දිනපතා මඩ ප්‍රචාරයක් ගෙන යයි. මෙයටම ඇතැම් ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍ය කරුවන් එකෙකු දෙන්නෙකු ද එක්ව සිටිති.

මොවුන්ට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරඟාවලියේ දී සිම්බාබ්වේට තරඟ 3-2 කිනුත් ඉන්දියාවට එරෙහිව සියළුම තරඟත් පරාජය වී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ සභාපති බුකී කරුවෙකු නිසා ක්‍රීඩකයන් සමග එක්ව තරඟ පාවා දීම නිසාය. මෙය සනාථ කිරීමට මොවුන් දිනපතා ප්‍රවෘත්ති මවති.

මේ සියල්ල පිටුපසින් සිටින්නේ අර්ජුන රණතුංගත්, කුඩු නාලිකා ප්‍රධානී රෙනෝ ද සිල්වාත් ය. මොවුන් දෙදෙනාම ක්‍රීඩා ඇමැතිවරයාත් ක්‍රිකට් සභාපතිත් පතුරු ගසති.

මොවුන් දෙදෙනාම එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආත්ම ගරුත්වය මහ දවල් කෙළෙසමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරව ය.

අර්ජුනට අවශ්‍යව ඇත්තේ කිසි දිනෙක තරඟ කර ජය ගත නොහැකි ක්‍රිකට් මහ පුටුවට උඩින් පාත් වෙන්නට ය. ඒ සඳහා ඔහු ජනාධිපති හා අගමැතිද ‘ෆෝම්‘ කරමින් ඉන්ටරීම් හෙවත් අතුරු පාලක මණ්ඩලය හීනයක සිටී.

ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යනු බුකි කාරයෙක් යයි කියන ඔහු මීට වසර ගණනකට පෙර ඔහු සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ ගනුදෙනු එකට කළ බව අපි දනිමු. එසේ නම් හදිසියේම ඔහුට තිලංග බුකි කාරයෙකු වීමත් ඔහු විසින් ක්‍රීඩකයන් තරඟ පාවා දීමට යොමු කරන බවටත් දැන් කියන්නේ කෙසේද?

තරඟ පාවා දීම් ඉතිහාසයේ ප්‍රමුඛයා අර්ජුන ය. 1994 ලක්නව් ටෙස්ට් තරඟයේ ඉන්දීය FBI වාර්තාව මීට හොඳම නිදසුන ය. ගුප්තා නම් ඉන්දීය බුකි කරුවා ගැන හොඳටම දන්නේ අර්ජුනය. අද අර්ජුනගේ පදයට නටන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහලාත්, අර්ජුනගේ ඉන්දීය තරඟ පාවාදීම් වල සහායකයන් ය. ක්‍රිකට් ආයතනයේ වාහන තම කෙසෙල් කැන් වගා ව්‍යාපෘතියට යොදවා වාහන අවභාවිතා කළ ප්‍රමෝද්‍ය අද ක්‍රිකට් ආයතනය ගැන කියවන්නේ අධෝ මුඛයෙනි. ක්‍රීඩකයන්ට ඇඟිල්ල දිගු කරන්නේද මේ ප්‍රමෝද්‍යම ය.

වරාය අධිකාරියේ ක්‍රිකට් කණ්ඩායම අර්ජුන වරාය අමාත්‍යාංශය බාර ගනිද්දී ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ශූරයන්ව සිටියේ ය. අර්ජුනගේ අත ගැසීමත් සමග එය දෙවන පෙළට වැටුනේ ය. එය දෙවෙනි පෙළෙනුත් පහතට යාමට නොදී බේරා ගැනීමට හා යළි පළමු පෙළට ඒමට අර්ජුන වරායට ක්‍රීඩා සමාජයක් ලෙස බේරා ගැනීමට හා යලි පළමු පෙළට ඒමට අර්ජුන වරායට ක්‍රීඩා සමාජයක් ලෙස එය විකුණා දැමූ සීදුව රද්දොලුව සාමාජිකයෙක් ප්‍රයෝජනයට ගත්තේ ය. ඒ තිසේරා නමැත්තෙකි. පානදුර ක්‍රීඩා සමාජයත් සමග ප්‍රමුඛ පෙළ පළමු කොටසට පිවිසීමේ තරගයක යෙදුනු වරාය කණ්ඩායම කුරුණෑගල ක්‍රීඩා සමාජය සමග පැවැති තරඟයේ දී තරඟ විනිසුරුවරුන් ලවා එම තරඟය හද්දා කළුවර වෙන තෙක් ගසා, අවසන් කර ගත්තේ වරායට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට ඉඩ ලබා දෙමින් ය.

රෙනෝ ද සිල්වාට ද තිලංග සමග පරණ තරහවක් ඇත. ඒ ඔහුගේ පෝරකයට නියම කෙරුණු දුමින්ද සිල්වා මල්ලී තිලංග සමග බස්නාහිර පළාත් සභාවට තරඟ කරද්දී හටගත් මනාප හුටපටයකි. ඒ නිසා ඔහු තම කුඩු නාලිකාවෙන් උදේ හවා තිලංගට පහර දෙයි. තිලංගට උදවු කරනවා කියමින් ක්‍රීඩා ඇමැති දයාසිරිට ද පහර දෙයි. මේ දුෂ්ඨ ක්‍රියාවට එකෙකු දෙන්නෙකු සහාය දුන්න ද කුඩු නාලිකාවේ බොහෝ මාධ්‍යවේදීහු කළ කිරීමකින් පසුවන බව අපට කියා ඇත.

වරක් කුඩු නාලිකාවේ බලය වැඩ සටහනකට දේශපාලනය ගැන කතා කිරීමට දයාසිරි ඇමැතිවරයා ගෙන්වා ගත් රෙනෝ තම හිතවත් මාධ්‍යවේදීන් ලබා එහිදී ක්‍රිකට් ගැනම කතා කරමින් දයාසිරිගේ රතු කට්ට පනින තුරු ප්‍රශ්න කෙළේය. මුන්ගේ කුප්ප කම වටහා ගත් දයාසිරි විවේකයක් අතර තුර නිවේදකයන් තිදෙනාට බඩ පුරා ලුණු ඇඹුල් ඇතිව කියා දී ඇත. එයින් පසු අකුලා ගත් බඩජාරි නිවේදකයන් තිදෙනා ක්‍රිකට් මාතෘකාව අතහැර දේශපාලනයට පිවිස තිබේ. කුඩු නාලිකාව මෙසේ ගණිකා වෘත්තියේ යෙදවීම ගැන එහි බොහෝ මාධ්‍යවේදියෝ සිටින්නේ කළකිරීමෙනි.

රෙනෝ ද සිල්වාට හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමග ද පියවා ගැනීමට පරණ වාඩුවක් ඇත. ඒ ඔහුගේ බිරිඳ මලීකා හා සනත් අතර තිබූ සම්බන්ධයයි. මෙම දෙපොලගේ ලීක් වූ ලිංගික වීඩියෝව නිසා කුපිත වූ රෙනෝ සනත්ට එළව එළවා පහර දෙන මෙන් කුඩු ප්‍රවෘත්ති අංශයට දන්වා තිබිණ. ඒ අනුව ශ්‍රී ලංකා පිල පරදින පරදින තරඟයක් පාදා කුඩු ප්‍රවෘත්ති වෙන් වූයේ සනත් ජයසූරිය ඇතුළු තේරීම් කමිටුවට ඉල්ලා අස්වීම සඳහා බල කිරීමට ය.

අවසානයේ සනත් ජයසූරිය ඉල්ලා අස්විය. ඒ කුඩු නාලිකාවේ බලපෑම නොවූව ද කුඩු නාලිකාව එහි ලකුණු තමන්ට දා ගත්තේ සනත්ගේ ගරු කටයුතු සමස්ත ක්‍රිකට් ක්‍රීඩා දිවියම බාල්දු කරමිනි. රෙනෝට වඩා රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ එවන් ක්‍රීඩකයෙකුට කරන ලද ඒ බාල්දු කිරීම ක්‍රිකට් ලෝලීන් ලෙස අපි හෙළා දකින්නෙමු.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු මෙරට දේශපාලුවන්ගේ නොපනත් කම් හා මුහුණ දෙන්නට සිදුවන සියළු ප්‍රශ්න මැද මහජනතාවට සතුටක් ලබා දෙන්නකි. එය කිහිප දෙනෙකුගේ පෞද්ගලික මති මතාන්තර හා අවශ්‍යතා මත විනාශ කළ යුතු නොවේ. යම් මාධ්‍ය විසින් එක පැත්තක් පමණක් හුවා දක්වන පුවත් නිසා මහජනතාව නොමග යන බැවින් අප දන්නා ක්‍රිකට් අර්බුදයේ මේ තිරය පිටුපස සිට මෙහෙයවන්නන්ගේ අප සොයා ගත් හෙළුව ලංකා ඊ නිව්ස් වෙත මෙසේ ලියා දන්වමු..!

– ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෙකු විසිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *