ඉන්ෆ්ලුවෙන්සා දිවයින පුරා පැතිර යාමේ අවදානමක්

(09.06.2018 – 13:56 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගය සෙසු පළාත්වලටද පැතිර යාමේ අවදානම තවදුරටත් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලින්ද මෙම රෝගීන් දැනට වාර්තාවී ඇති බවයි.

මේ අතර, දකුණු පළාත පුරා පැතිරී යන වෛරස් රෝගය මේ වනවිට පාලනය කර ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළා.

මේ මස අවසන් වනවිට එය මුළුමනින්ම පාලනය කළ හැකි බවටයි ඔහු විශ්වාසය පළ කළේ ෴

*****************************************

ටී එන් එල් ශාන්ගේ දුව ඉෂිනි මංගලගේ පුද්ගලික ලේකම් ධූරයට
(09.06.2018 – gossiplankanews.com)

ටී.එන්.එල්. රූපවාහිනි මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා මහත්මිය ජුලි 01 දා සිට ඇමති
මංගල සමරවීරගේ

පෞද්ගලික ලේකම් වශයෙන් පත්කර ගන්නා බව ඇමතිවරයා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේය.

එහිදී පසුගියදා ටීඑන්එල් කුළුණකට සීල් තැබීමට අදාළසිද්ධිය ගැන බලවත්සේ කනගාටු වන බව පැවසු ඇමතිවරයා, නිදහස් වගකිව යුතු මාධ්‍යයක් වෙනුවෙන් රජය ඇප-කැප වී සිටින බව පැවසීය.

ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා මහත්මිය නැසීගිය ලිබරල් පක්ෂ නායකයකුවූ අසිත පෙරේරාගේ බිරියයි. ඇය ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියද වන අතර ටීඑන්එල් අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරමින් සිටින්නීය ෴

*******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *