විද්‍යුත් තැපෑලෙන් ගණුදෙනු පරිස්සමෙන් – ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්

(10.06.2018 – 06:46 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා සිදුකෙරෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ ව්‍යාපාරිකයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවීම් සිදුකරන ගිණුම් පිළිබඳව තහවුරු කර ගැනීමකින් අනතුරුව අදාළ ගෙවීම් සිදුකරන ලෙසයි.

විද්‍යුත් තැපෑලට පිවිස වංචනිකයින් විසින් යොමුකරනු ලබන ඔවුන්ගේ ගිණුම්වල අංක ඇතුළත් පණිවුඩ හරහා මෙලෙස මුල්‍ය වංචා සිදුකරන බවටයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ලැබී ඇත්තේ.

එලෙස පැමිණිලි 10 ක් පමණ මේ වසර තුළ ලැබී ඇති බවද එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියා සිටියා ෴

*****************************************

ආර්ථිකය නව දර්ශනයක් කරා ගෙන යාමට සුදුසු වෙනසක් කළ යුතුයි
(10.06.2018 – 14:38 +0530 – sinhala.adaderana.lk)

මෙරට ආර්ථිකය නව දර්ශනයක් කරා ගෙන යාමට සුදුසු වෙනසක් සිදුකර ගත යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ව්‍යාපාරික සහ විද්වත් එකමුතුව විසින් සංවිධානය කල රට වනසන බදු දඩයම මැයෙන් වූ සම්මන්ත්‍රණයකට අද (10) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේබව ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකයට නව පණක් දිය යුතු බවත් වර්තමානයේ පවතින තත්ත්වය වෙනස් වුයේ නැත්නම් අනාගතයේදී කනගාටුවීමට සිදුවන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *