ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර අත් අඩංගුවට ගන්න නැතිනම් පිටුවහල් කරන්න – ජනාධිපති බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

(10.06.2018 – News e Lanka)

ලන්ඩන් පාදක කරගෙන ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස්හි කතුවරයා වන ප්‍රදීප සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙස හෝ ලංකාවට පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා ඊයේ (09) බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේ යැයි අද (10) සන්ඩේ ටයිම්ස් පුවත් පත සිය මුල් පිටුවේ වාර්තාවකින් හෙළිකර තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සිය පැජට් පාරේ නිවසට විශේෂයෙන් කැඳවීමෙන් පසු ජනාධිපතිවරයා මහ කොමසාරිස් වරයාගෙන් මෙම ඉල්ලීම කරන ලදැයි ද, මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් නීතිඥ කපිල වෛද්‍යරත්න මහතාද සහභාගී වී සිටි බවද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් ‘නිව්ස් ඊ ලංකා’ කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුනේ ආරක්ෂක ලේකම් වරයා මෙහිදී නිශ්ෂබ්දව සිටි අතර කරුණු ගෙන හැර දක්වා තිබුනේ ශිරාල් ලක්තිලක සහ ජනාධිපතිවරයා විසිනි. මහ කොමසාරිස් වරයා කිසිදු ප්‍රකාශයක් කර නැති අතර සියල්ල සටහන් තබාගෙන තිබේ.

ලංකා ඊ නිව්ස් කතුවරයා අත් අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කරන්නැයි ඉල්ලන්නේ කුමන චෝදනා යටතේදැයි නොදනී.

අධිකරණය ඉදිරියේ ඇති අපරාධ චෝදනා නිසා ලංකාවෙන් පලා ගොස් විදේශ වල සැඟවී සිටින උදයංග වීරතුංග, ජාලිය වික්‍රමසිංහ වැනි අය හෝ දෙමළ ඊළාම් ට්‍රාන්ස් නැෂනල් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර එහි අගමැති යයි කියා ගෙන සිටින වී රුද්‍රකුමාරන් හෝ අත් අඩංගුවට ගන්නැයි හෝ ලංකාවට පිටුවහල් කරන්නැයි කියා ජනාධිපතිවරයා කවර නම් හෝ තානාපතිවරයෙකු කැඳවා ඉල්ලා නැත.

ගං වතුර ආපදාවකින් පෙළෙන මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා විශේෂයෙන් කැඳවා ගං වතුර අධාරයක් ඉල්ලුවේ නැත්තේ මන්දැයි විපතට පත් ජනතාව ජනාධිපතිවරයාගෙන්, කපිල වෛද්‍යරත්නගෙන් සහ ශිරාල් ලක්තිලකගෙන් ප්‍රශ්න කරති.

¤¤ධිපතිවරයාගේ රුසියානු නැව් ඩීල් එක සම්බන්ධ තොරතුරු පළ කිරීමෙන් පසුව අධිකරණ නියෝගයකින්ද තොරව ¤¤ධිපතිවරයා විසින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ලංකාව තුල බ්ලොක් කරන ලද්දේ පසුගිය නොවැම්බරයේදී ය.

**********************************************

උසස් අධ්‍යාපන ඇමැතිතුමනි.., නවක වදය නැති කරනවා නම් මෙතැනින් පටන් ගන්න..! කැළණි සරසවියේ නවක වධක වේසිපුත්‍රයන් පිරිසක් මෙන්න..!
(11.06.2018 – News e Lanka)

නව උසස් අධ්‍යාපන ඇමැතිවරයා නවක වදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට යන බවට කළ ප්‍රකාශයට පූර්ණ සහාය පළ කරන අතරම ‘නිව්ස් ඊ ලංකා’ විසින් පසුගිය ජුනි 3 දා “කඳුලු ගෑස් කමින් සාධාරණය යුක්තිය ගැන දොඩවන අන්තරේ රතු වීරයන්ගේ ගෝත්‍රික නවක වද සමය උදා වේ; කැළණිය සරසවියේ ගෝත්‍රිකයෝ ප්‍රසිද්ධියේ රඟති; වදයට පත් නවකයන් ගැන බලන්න කවුරුත් නෑ..!” මැයෙන් පළ කළ පුවතට අදාලව කැළණිය සරසවියේ නවක වධකයන්ගේ සේයාරු සහිත හෙළිදරව් කිරීමක් පහත දැක්වේ.

කැළණි සරසවියේ දරුණු ලෙසම නවක වධය සිදුකරන්නේ එහි විද්‍යා පීඨයේ ය . එහි ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ 13 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයක් මගින් මේ නවක වධය දීම සිදුකෙරේ. නවක වධය දෙන ආකාරය කොපමණ කාලයක් දෙනවාද යන්න තීරණය කරන්නේ ඔවුන් 13 දෙනා විසිනි. ඔවුන් 13 දෙනා සමග 2 වසර සහ 3 වසර සිසුන් පිරිසක්ද එක්ව සිටිති.

විද්‍යා පීඨයට ප්‍රථමයෙන්ම නවක සිසුන් ගිය දින සියළුම සිසුන් පරණ ඔඩිටෝරියම් එකකට රැගෙන ගොස් විදුලි පහන් නිවා පිරිමි ලමුන් දණ ගස්වා කුණු හරුපයෙන් බනිමින් ජ්‍යෙෂ්ඨයින්ව හඳුන්වා දෙන ලදී. ඔවුන් කී ලෙස දණ නොගැසූ සිසුන්ට එස්ලෝන් බට වලින් ඉතා දරුණු ලෙස පහර දුන්හ. පිරිමි සිසුන් සියලු දෙනා දණ ගස්වන ලද්දේ ගැහැණු ළමුන්ගේ දෙපා ඉදිරියේය.

මෙම නවක වධය දුන් සිසුන්ගේ සහ පෙර කී 13 දෙනාගේ කවුන්සිලයේ සිටින සිසුන්ගේ සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ. මෙම සේයාරූ වල කහපාට රවුම් වල සිටින්නේ නවක වධය දුන් 2 වසර සිසුන් වන අතර රතුපාට රවුම් වල සිටින්නේ පෙර කී නවක වධ කවුන්සිලයේ 13 දෙනා අතර සිටින පුද්ගලයන් ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *