‘ජනාධිපති විශේෂ නියමයන්’ නමැති ‘අත්භූත ගෙවීමක්’ යටතේ රාජපක්ෂ ඥාතියා වූ ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය කෝටි ගණනක් මුදල් අරන්..!

(30.09.2017 – 13:10 +0530 – lankaenews.com)

‘ජනාධිපති විශේෂ නියමයන්’ නමැති ‘අත්භූත ගෙවීමක්’ යටතේ රාජපක්ෂ ඥාතියා කෝටි ගණනක් මුදල් අරන්..! මේජර් ජෙනරාල් සූරියබණ්ඩාරගේ, බ්‍රිගේඩියර් රවිප්‍රියගේ නම් ඒ අතර – සාක්කි සහිත හෙළිදරව්ව

මැදමූලන රාජපක්ෂලා විසින් රට යටත් කරගෙන සිටි වනචර දශකයේ දී රාජපක්ෂ ඥාතියා වූ ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය විසින් ‘ජනාධිපතිගේ විශේෂ නියමයන්’ යටතේ යයි කියමින් මහා පරිමාණ ගෙවීම් තොගයක් නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන තිබෙන බව ලංකා ඊ නිව්ස් වෙත සාක්කි සහිතව හෙළි වී තිබේ.

මෙම ගෙවීම් නීති විරෝධී කියා කියන්නේ ඒවා විවිධ පුද්ගලයන්ගේ නම් වලින් ලබා ගත්තද ඒවාට අදාල නීත්‍යානුකූල වවුචර් නොමැති වීමයි. එම ගෙවීම් වල විස්තර නොමැති අතර ගෙවීම් ලබා ගත් පුද්ගලයාගේ අත්සනක් හෝ නොවීමයි.

උදාහරණයක් ලෙස 2009 යුද්දයෙන් පසුව අගෝස්තු සිට දෙසැම්බර් දක්වා මේජර් ජෙනරාල් සමන්ත සූරියබන්ඩාරට කියා රුපියල් එක් කෝටි 26 ලක්ෂයකට අධික මුදලක් (1,26,11,186) මාස 5 ක් තුල ලබාගෙන ඇත. නමුත් සූරියබණ්ඩාර ගේ අත්සනක් නොමැත.

2010 දී මාර්තු අගෝස්තු කාලයේ දී බ්‍රිගේඩියර් රවිප්‍රියට කියා රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් (1,50,79,125) මාස 6 ක් තුල ලබාගෙන ඇත. රවිප්‍රියගේ අත්සනක් නොමැත.

ඉහත සෑම ගෙවීමක්ම ලබා ගෙන ඇත්තේ ‘ජනාධිපතිගේ විශේෂ නියමයන්’ යටතේ කියා ය. සුරියබණ්ඩාරලා රවිප්‍රියලා ඇත්තටම මේ මුදල් ගත්තාද? නොගත්තාද? සැකයක් උපදින්නේ රාජපක්ෂලා විසින් සමන්ත සූරියබණ්ඩාර ෆොන්සේකාවාදියෙක් කියා හමුදාවෙන් ඉවත් කර පලිගැනීමට ලක් කළ නිසාය. සමන්ත සූරියබණ්ඩාර රණවිරුවා ඒ හිත්වේදනාවෙන්ම ඕස්ට්‍රේලියාවේ දී අකාලයේ මිය ගියේ ය. ලංකා ඊ නිව්ස් සහ එදා හිරබත් කමින් සිටි සරත් ෆොන්සේකා හැර අද රණවිරුවන් ගැන කෑ ගහන එකදු බැල්ලිගේ පුතෙක් හෝ එදා ඒ ගැන කතා කෙළේවත් නැත. එබැවින් රණවිරුවන්ගේ නම් විකුණා රාජපක්ෂ ඥාතියා ජාලිය වික්‍රමසූරිය මේ මුදල් ගසා කෑවා යැයි සාධාරණ සැකයක් උපදී. (සූරියබණ්ඩාරගේ ඥාතියෙකු හෝ රවිප්‍රිය මහතා හෝ මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් අප වෙත එවුවහොත් පළ කරන්නෙමු)

2012 – 2013 කාලයේ දී ජෝන් හොප්කින් හොස්පිටල් හි වෛද්‍ය පහසුකම් වල බිල් කියා රු. දෙකෝටි හතලිස් දෙලක්ෂයකට ආසන්න මුදලක් ද (2,41,56,126 ක්) ලබා ගෙන ඇත. එම කාලය තුල හිටපු අගමැති දි. මු. ජයරත්න මහතාද අසනීපව ඇමරිකාවේ ප්‍රතිකාර ලබා ගත් නමුත් ඒ වෙනුවෙන් කියා කිසිදු වවුචරයක සඳහනක් නැත. මේ තක්කඩියා දිමු ජයරත්නවත් විකුණුවාදැයි නොදනී.

මෙම ‘ජනාධිපතිගේ විශේෂ නියමයන්’ නමැති ‘අත්භූත’ ගෙවීම් යටතේ ජංගම දුරකථන බිල් සඳහාද ගෙවීම් ලබාගෙන තිබේ. ‘ජනාධිපති විශේෂ නියමයන්’ කියා ජාලිය වික්‍රමසූරිය විසින් මුදල් ලබා ගත් ආකාරය ගැන සම්පූර්ණ විස්තරයක් පහත දැක්වෙන ඉමේජයන් ගේ දැක්වේ.

විශාල කර කියවන්න.







********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *