පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි ආක්‍රමණිකයින් පරදවමින් යහපාලකයන් බදු වැඩි කරයි.. ගිය රජයට වඩා 100% කින් බදු ඉහලට..

(11.06.2018 – 08:40 +0530 – lankacnews.com)

පසුගිය රජයට වඩා වත්මන් රජය යටතේ ජනතා බදු බර 100% කින් වැඩි වීමට හේතුව රජය විසින්ම නිර්මානය කරගෙන ඇති ආර්ථික අර්බූදය බව මහජන පුස්තකාලයේ පැවති රැස්වීමක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය.

වත්මන් රජය විසින් ආර්ථික අර්බූදයක් නිර්මාණය කර ගන්නට හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ :

‘රජයට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම , එකිනෙකට නොගැලපෙන මතවාද කරපින්නා ගත් පක්ෂ දෙකක් විසින් හවුල් ආන්ඩුවක් කිරීමට ගන්නා අසාර්ථක උත්සාහය, 2015 අතුරු අයවැයෙන් ඇරඹි අත්තනෝමතික බදු අයකිරීම් නිසා දේශීය ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය බිඳ වැටීම, දිගින් දිගටම වත්මන් රජය විසින් ලංකාවේ ආර්ථිකය ගැන පෙන්වු අඳුරු චිත්‍රය නිසා විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම, මහ බැඳුමකර මංකොල්ලයේ ප්‍රථිපලයක් ලෙස රටේ ආර්ථිකයට වූ රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පාඩුව මෙන්ම රටේ ප්‍රතිරූපයට වූ හානිය, රජයේ වැරදි කලමණාකරන තීරණ නිසා පොර්ට් සිටියට රුපියල් බිලියන 26 ක් , එයර් බස් සමාගමට රුපියල් බිලියන 17 ක්, හයට් හෝටලයේ සැපයුම්කරුවන්ට බිලියන 1.6 ක් වශයෙන් ගෙවන්නට සිදුවූ විවිධ වන්දි, කෘෂිකර්මාතයට දැක්වූ නොසැලකිල්ල නිසා කෘෂිකර්මාන්තය කඩා වැටීම, රටේ මුදල් සංසරණය දුර්වල වීම හා පොලී අනුපාතයන් ඉහල යාම මත කර්මාන්ත හා සේවා වල බිඳවැටීම නිසා අපනයන වර්ධනය් දුර්වල වීම, රජයේ ප්‍රතිපත්ති විරහිත ආර්ථික කලමනාකාරිත්වය තුල ආනයන වියදම් ඉහල යාම හා රුපියලේ කඩා වැටීම තුලින් ආර්ථිකයට වූ හානිය’ යන කරුණුය.

මේ තත්වය යටතේ රජය පවත්වාගෙන යාමට මුදල් සොයාගැනීමට වත්මන් රජය භාවිත කරන ක්‍රමවේදයන් ලෙස ආචාර්ය ගොඩහේවා පෙන්වා දුන්නේ රාජ්‍ය දේපල විකිනීම , අසීමිත ලෙස ණය ගැනීම හා ජනතාවගේ බදු බර ඉහල දැමීමයි

සෑම රජයක්ම බදු අයකල යුතු වුවත් එය කල යුත්තේ මී මැස්සෙකු මල නොතලා රොන් ගන්නා සේ ජනතාව පීඩනයට පත් නොකොට බව පෙන්වා දුන් ආචාර්ය ගොඩහේවා පැවසූවේ වත්මන් රජය ජතාව තලා පෙලා බදු අයකර ගන්නේ එකල පෘතුගීසි , ලන්දේසී හා ඉංග්‍රීසි ආක්‍රමණිකයින් අනුකම්පා විරහිතව අසරණ ශ්‍රී ලාංකික ජනතාව සූරා කෑ ආකාරයටම බවය.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා රැස්වීමකදී අද රටේ ජනතා ගෙවන්නේ පරණ පවක් යැයි කී කතාවට තමන් සම්පූර්ණයෙන්ම එකඟ වන බව කී ආචාර්ය ගොඩහේවා පෙන්වා දුන්නේ මෙවැනි පාලකයින් ලබන්නට නම් රටෙ ජනතාව පුදුම පවක් කර තිබිය යුතු බවයි.

– චාමින්ද කරුණාරත්න

***********************************************

රාජගිරිය ගුවන් පාලම පැද්දීම දැඩි වෙයි.. මං තීරු වසා පරීක්‍ෂණ ඇරඹේ..
(10.06.2018 – 22:31 +0530 – lankacnews.com)

මෙම වසරේ ජනවාරි 08 වැනිදා විවෘත කරන ලද රාජගිරිය ගුවන් පාලමේ ඇතිවන දෙදරීම් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ අනුව එම පරීක්ෂණ කිරීම් සිදු කෙරෙන සමහර අවස්ථාවන්වලදී ගුවන් පාලමේ මංතීරු තාවකාලිකව වසා දැමෙන බවද අධිකාරිය කියයි.

මෙම පරීක්‍ෂණ කටයුතු සදහා පේරාදෙණිය සහ මොරටුව සරසවිද එක්ව සිටිති.

ගුවන් පාලම මතින් ගමන් කරද්දී එය දැඩි ලෙස පැදීමට ලක්වන බව ඒ මතින් ගමන් කරන බොහෝ දෙනා අත්දැකීමෙන්ම දනිති.

බර වාහන ඒ මගින් ගමන් කරද්දී මේ තත්වය තවත් වැඩි වෙයි.

මීටර 533 ක් වන ගුවන් පාළම රුපියල් මිලියන 4,514.77 ක ආයෝජනයකින් ඉදිකර ඇත.

එනම් මීටරයක් ඉදිකරීම සදහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 85 ක් පමණ වෙයි ෴

++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

රාජගිරිය ගුවන් පාලමේ ව්‍යූහගත සංඛ්‍යාත සහ ආතතිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කරයි
(11.06.2018 – 12:07 +0530 – sinhala.adaderana.lk)

‍රාජගිරිය ගුවන් පාලමේ ව්‍යූහගත සංඛ්‍යාත සහ ආතතිය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරිම මේ දිනවල සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් විසින් අදාළ තොරතුරු රැස්කිරිම සිදු කරන බව එම අධිකාරිය සදහන් කළේය.

ඔවුන් සිදු කරන පර්යේෂණවලින් අනතුරුව රාජගිරිය ගුවන් පාලමේ ව්‍යූහගත සංඛ්‍යාත සහ ආතතිය සම්බන්ධයෙන් වු තොරතුරු ඇතුළත් වාර්තාවක් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදීමට නියමිතව තිබේ.

එම වාර්තාව මූලික දත්ත පද්ධතියක් වශයෙන් පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර ඉදිරියේදී රාජගිරිය ගුවන් පාලමේ නඩත්තු කටයුතු සංරක්ෂණ කටයුතු යනාදිය අදාළ තොරතුරු පදනම් කර ගනිමින් සිදු කිරිමට නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර රාජගිරිය ගුවන් පාලම අවට සවස් කාලයේදී ඇති වන වාහන තඳබදය අවම කිරිම සඳහා සේවා මාර්ගවල ඉදිකිරිම් කටයුතු අවසන් කර තිබේ.

කොළඹ සිට බත්තරමුල්ල දක්වා සහ කොළඹ සිට ඇතුල් කෝට්ටේ දක්වා එම සේවා මාර්ග ඉදිකර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වන රථ වාහන සැලැස්ම හරහා රාජගිරිය ගුවන් පාලම අවට සවස් කාලයේදී ඇතිවන රථ වාහන තඳබදය අවම කිරිමට හැකියාව ලැබෙනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *