හිටපු අගවිනිසුරුගේ උපන්දින පාටියේ දී ‘මල්ටි බැසිල් ප්‍රහාරයකින්’ දෙර¤ අයිතිකාර දිලි¤ ජයවී¤ට මූත්‍ර ගිය වගයි..!

(11.06.2018 – News e Lanka)

දෙර¤ රූපවාහිනියේ අයිතිකාර කුප්‍රකට කළු සල්ලිකාරයෙකු වන දිලි¤ ජයවී¤ට මූත්‍ර යෑමට සලස්වමින් බැසිල් රාජපක්ෂ එල්ල කළ දරුණු ‘මල්ටි බැසිල් ප්‍රහාරයක්’ පිලිබඳ ‘නිව්ස් ඊ ලංකා’ වෙත වාර්තා වේ.

සිද්ධිය වූයේ පසුගියදා හිල්ටන් හෝටලයේ දී පැවැති උපන් දින සාදයක දී ය. උපන්දිනය වූයේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ ය. සරත් නන්ද සිල්වා තම උපන් දින උත්සවයට ගෝඨාභය රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ අනෙක් අයට ආරාධනා කර තිබිණ. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිමල් පෙරේරා, දිලි¤ ජයවී¤ ආදීහු එකම මේසයක වාඩි කරවා තිබිණ. මෙහිදී දිලි¤ ජයවී¤ගේ මුවින් පිටවූ අවකැපෙන කතාවක් සම්බන්ධයෙන් බැසිල් “මොකක්ද මොකක්ද කීවේ?” යි යලි විමසා සිටියේ ය.

“නෑ මං කීවේ ඒ කාලේ අපි උදව්වක් ඉල්ලුවට තමුන්නාන්සේ අපිට උදව් කෙළේ නෑනේ” යි දෙර¤ අයිතිකරුවා වූ දිලි¤ ජයවී¤ පැවසීය.

“මොකක්ද ඉල්ලපු උදව්ව..?” බැසිල් පිලිවිසියේ ය.

කොහේදෝ ස්ථානයක් ගැන සඳහන් කළ දිලි¤ ජයවී¤ “ඒ කුඹුර ගොඩ කර ගන්න අවසර ඉල්ලුවාට දුන්නේ නෑනේ..” යි කීය.

එතැනින් කතාව ඇද ගත් බැසිල් රාජපක්ෂ මෝටාර් උණ්ඩ වලින් පටන් ගෙන ‘මල්ටි බැසිල් ප්‍රහාර’ දක්වා සිය වාග් ප්‍රහාරය උත්සන්න කෙළේය.

“හලෝ කුඹුරු ගොඩ කිරීම නීති විරෝධී බව තමුසෙ දන්නෙ නැද්ද? නීති විරෝධී දේට මං කවදාකවත් අවසර දීලත් නෑ, දෙන්නෙත් නෑ… තමුසෙ දැන් ඕන කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුවට මට ප්‍රශ්නෙකුත් නෑ. මට ජනාධිපති හීනත් නෑ. තමුසෙට ඔය ෆ්‍රීක්වෙන්සි දුන්නෙ චන්ද්‍රිකා. තමුසෙ චන්ද්‍රිකාටත් ගැහුවා. තමුසෙ ඔය කළු සල්ලි හම්බ කෙළේ කොහොමද කියලා අපි දන්නවා. අපි හොයන්න ගියේ නෑ. මං කරන්නේ දේශපාලනයක්.. මං ඉදිරියේදිත් කිසිම නීති විරෝධී දේකට තමුසෙලාට නොවෙයි කාටවත් උදව් කරන්නෙත් නෑ. මගේ දේශපාලනයට තමුසෙලා ගහන්න එන්නත් එපා.” යි ආදී වශයෙන් කිසිවෙකු නොසිතූ පරිදි බැසිල් රාජපක්ෂ ‘මල්ටි බැසිල් ප්‍රහාර’ එල්ල කරන්නට විය.

මේ සම්පූර්ණ සිද්ධිය වෙද්දී එම මේසයේ සිටි මහින්ද රාජපක්ෂ බැසිල් වැළැක්වීමට ගියේ ද නැත.

තව එක වචනයක් හෝ තම මුවින් පිට වී නම් බැසිල්ගෙන් කම්මුල හරහා පහරක් වදින බව ඉවෙන් මෙන් හඳුනාගැනීමෙන් දෝ දිලි¤ ජයවී¤ගේ මූත්‍ර බර වැඩි විය. ඔහු මේසයෙන් නැගිට කෙලින්ම ගියේ වැසිකිලිය වෙතය. මූත්‍ර අඩස්සිය අහවර කිරීමෙන් පසු වැසිකිලියේ සිට ඔහු කෙලින්ම මේ සිද්ධිය ගෝඨාභයට වාර්තා කරන ලද්දේ ය. ඉන්පසුව යලි එම මේසයට තබා වෙනත් මේසයක හෝ අසුන් නොගත් දිලි¤ ජයවී¤ සරත් නන්ද සිල්වාට උපන් දින සුබ පැතීමත් අත් හැර දා කිසිවෙකුට නොකියා පාටියෙන් පලා ගියේ ය.

ලංකාවේ ජඩමාධ්‍ය අයිතිකරුවන්ට තේරෙන්නේ එකම භාෂාවක වචන දෙකක් පමණි. එනම් ‘ඉජු ඉජු’ යන්නත් ‘දිවුඃ දිවුඃ’ යන්නත් පමණි. යහපාලන භාෂාව උන්ට ගොලු භාෂාවකි ෴

*************************************************

ලොව අංක එකේ ‘බුද්ධිමය නායකත්ව’ විශේෂඥ ජෝන් මැටෝනි ලංකාවට පැමිණෙයි
(11.06.2018 – 12:23 +0530 – sinhala.adaderana.lk)

Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ පුහුණුකරු වන ජෝන් මැටෝන් මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ව්‍යාපාරික නායකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළු දෙකක් සඳහා ජෝන් මැටෝන් මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය.

The Knowledge Forum සහ CEO’s Forum ලෙසින් පවත්වනු ලබන මෙම වැඩමුළු දෙක පිළිවෙලින් හෙට (ජූනි 12) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සහ අනිද්දා (ජූනි 13) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

බුද්ධිමය නායකත්වය පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥයකු , විධායක පුහුණුකරුවෙකු ලෙසින් ලෝක සම්භාවනාවට පාත්‍රව ඇති ජෝන් මැටෝන් මහතා IL Executive Coaching Process and Certification හි නිර්මාතෘවරයාද වේ. ලොව පුරා ප්‍රමුඛතම සමාගම්/ සංවිධාන 250 කට වැඩි ප්‍රමාණයක හා ලොව විශිෂ්ටතම විධායක මට්ටමේ පුද්ගලයින් 200 කට වැඩි පිරිසකගේ පුහුණුකරුවා ලෙසින් ජෝන් මැටෝන් මහතා ගෞරවාදරයට පාත්‍ර වී තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *