හම්බන්තොට දුපතත් නොමිලේම දෙනු.. නොදුන්නොත් වරාය බදු දුන් ඉතිරි මුදල දෙන්නේ නෑ..

(11.06.2018 – 15:00 +0530 – lankacnews.com)

= හම්බන්තොට දුපතත් නොමිලේම දෙනු.. නොදුන්නොත් වරාය බදු දුන් ඉතිරි මුදල දෙන්නේ නෑ.. හම්බන්තොට වරායේ බාගයක් මුදල් රදවාගෙන චීනය කියයි.. =

හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 585 ක මුදල ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ.

හම්බන්තොට වරායේ නිර්මාණය කර ඇති දූපත විනෝදාස්වාදක කටයුතු සඳහා යොදා ගැනීමට චීනය ඉල්ලා තිබුණත් කොළම ඒ සඳහා විරෝධතා දැක්වීම හේතුවෙන් ඔවුන් මෙසේ අවසන් වාරිකය නිදහස් කිරීම ප්‍රමාද කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.12 ක මුදලකට 99 අවුරුදු බදු පදනමක් යටතේ චීනයට පැවැරීමට වත්මන් රජය කටයුතු කළේ ඒ සඳහා ලබාගෙන ඇති ණය ගෙවා දැමීමට ශ්‍රි ලංකාවට අපහසු බව පවසමිනි.

මෙම දූපත නාවික හා වරායේ කාර්යයන් සඳහා පමණක් යොදා ගත යුතු බවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය චීනයට දන්වා ඇති හෙයින් ඔවුන් මෙසේ අවසන් වාරිකය මුදා හැරීම ප්‍රමාද කර ඇත.

මෙම ගැටලුකාරී තත්ත්වය අවසන් වූ පසුව චීනය අවසන් වාරිකය මුදා හැරීමට කටයුතු කරනු ඇතැයි එම වරාය බදු පදනම යටතේ ලබාගත් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගම පවසා ඇත.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි
– ada

**************************************

උඩුදුම්බරදී රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් කොල්ලකයි
(11.06.2018 – 20:07 +0530 – hirunews.lk/sinhala)

උඩුදුම්බර ගලේකැලේ ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් පිරිසක් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් කොල්ලකා තිබෙනවා.

**************************************

නොරොච්චෝල හෙට සිට වසා දමයි.. රටම විදුලි අර්බුදයක..
(11.06.2018 – 12:40 +0530 – lankacnews.com)

දැනට ක‍්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට පිලිගත හැකි විසදුමක් අද දිනය තුල නොලදහොත් හෙට (12) දිනයේ සිට නොරොච්චෝ‍ල තාප විදුලි බලාගාරයේ වැඩ නවතා දැමීමට විදුලි ඉංජිනේරුවන් තීරණය කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ නොරොච්චෝ‍ල බලාගාරයට පරිසර අධ්‍යයන වාර්තාවක්ද නොමැති තත්වයක් යටතේ ක්‍රියාත්මක කිරීම රාජකාරියට පටහැනි බවයි.

එනිසා විදුලි බලාගාරයේ රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කලේ යයි විදුලි ඉංජිනේරු සංගමය කියා සිටී.

මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 50% කට ආසන්න ප‍්‍රමාණයක් නිපදයන්නේ මෙම බලාගාරයෙනි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *