වෛද්‍යපීඨ ආචාර්යවරු කොතලාවල ඉගැන්වීම් නතර කරති

(15.06.2018 – 19:51 +0530 – lankadeepa.lk)

වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර සිටිති.

වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථය යන අවම සුදුසුකම පිළිගත යුතු අතර එවැනි සුදුසුකම් නොමැති සිසුන් ඇතුළත් කර නොගත යුතු බවද වෛද්‍ය මනුජ් සී.වීරසිංහ මහතා පැවසීය ෴

*****************************************

ආලෝක සංඥා නොතකමින් අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ත්‍රීරෝද රිය කුඩුපට්ටම් කළ හැටි – කඩවත රිය අනතුර .!
(16.06.2018 – nethgossip.lk)

මාර්ග සංඥා ආලෝක නොතකා රිය ධාවනය කළ මෝටර් රථ රියදුරෙකු නිසා සිදුවූ රිය අනතුරක දර්ශන නෙත් ගොසිප් වෙත ලැබී තිබෙනවා.

කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුම අසල සිදුවන මෙම රිය අනතුරෙන් මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා.

මාර්ග සංඥා නොතකා අධික වේගයෙන් පැමිණෙන කාර් රථය ත්‍රී රෝද රථයේ ගැටෙන අතර ඉන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදු වෙනවා. වාර්තා වන අන්දමට අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරට දැඩි අනතුරු සිදුව තිබෙන අතර ඔහුගේ පාදයන්ට බරපතල ලෙස හානි සිදුව තිබේ.

එම අනතුරේ දර්ශන පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *