නකල්ස් ගැන ඇමති කියූ බොරුව සමන්ත විද්‍යාරත්න ඔප්පුකළ හැටි

(16.06.2018 – nethnews.lk)

නකල්ස් සංරක්ෂිත කදු පන්තියේ ස්වාරක්ෂිත කළාපයේ කිසිදු ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා පැවසුවත් එය බොරුවක් බව බදු පදනම මත ලබාදුන් ඉඩමක් තුළ සිටිමින් තමන් ඔප්පුකර අවසන් බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නකල්ස් සංරක්ෂිත කඳු පන්තියේ ස්වාරක්ෂිත කළාපයේ පිහිටි රජයේ ඉඩම් බදු පදනම මත ලබා දී ඇති ආකාරය නිරික්ෂණ කිරිම සඳහා පරිසරවේදීන්ගේ සමග නිරික්ෂණ චාරිකාවක නිරතවු අවස්ථාවේදීය. එම නිරික්ෂණ චාරිකාවේදී ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මැවත්ත වතුයායේ කටාරන්තැන්න වැව් සහිත අක්කර 35 ක ඉඩමක් අක්කරයක් රුපියල් 2857 ක මුදලකට හොටල් ව්‍යාපෘතියක් සඳහා 2018.03.02 වන දින ලබා දී ඇති අතර එම ඉඩම නිරික්ෂණය හා රත්වත්ත වත්තේ පිහිටි රෝස තිරිවානා නිදිය බදු පදනම මත ලබා දී එහි කැණීම් කටයුතු සිදුකරන අයුරු මෙහිදී නිරික්ෂණය කරනු ලැබීය.

‘‘නකල්ස් රක්ෂිතයට හානියක් නෑ; එයට අත තියලාවත් නෑ; කියාලා සීතල කාමරවල ඉඳලා ප්‍රකාශ කරනවා. හැම දේම පත්තරෙන් දකින ජනාධිපතිතුමාටයි අගමැති තුමාටයි කිරිඇල්ල ඇමතිවරයටයි කියනවා ඔබ තුමාලා අක්කරයක් රුපියල් 2857 ක කුණු කොල්ලයට විකුණන ලද මාතලේ මැදවත්ත වත්තේ කටාරන්තැන්න වැව අසල සිටයි මේ කථා කරන්නේ. අපි කියනවා කිරිඇල්ල ඇමතිතුමාට ඔය සිංහාසනවලින් බහින්න. බැහැලා එන්න ජනතාව අතරට එන්න අපි මේ ඉඩම් වික්කද නැද්ද කියලා විවෘත සංවාදයක් කරමු මම ඔබ තුමාට ආරාධනාකරනවා. මේ නකල්ස් රක්ෂිත වනාන්තරය ලෝක උරුමයක් එය කබීර් හෂීම්ලාට කිරිඇල්ලාට ඕන විදිහට විනාශ කරන්න දෙන්න බෑ.

මෙහි අක්කර 21000 විකුණන වැඩේ ආරම්භ කරලා තියෙන්නේ අපි එය නැවැත්විය යුතුයි. ඒ සදහා අපි රටේ ඉන්න රටට ආදරය කරන සියළුම පරිසරවේදින් ජනමාධ්‍යවේදීන් සමග මහජනතාව ඒකරාශි කරගෙන රටේ අනාගයවෙනුවෙන් මේ විනාශකාරි ක්‍රියාව ආපස්ට හැරවීම සදහා ගත හැකි උපරිම පියවරයන්ගෙන එය ජයග්රාහණයෙන් අවසන් කිරිමට කටයතු කරනවා.ඒ නිදා එම තත්වයට අපිව පත්නොකර මෙම විනාශකාරි ක්රිසයාව නතර කිරිමට පියවර ගන්නාලෙස අපි ජනාධිපති ඇතුළු රජයෙන් ඉල්ලා සිටින්නේ.’’

මෙම අවස්ථාවට ග්‍රැපෙක් ශ්‍රී පරිසර සංවිධානයේ අධ්‍යක්ෂක ගාමිණි ජයතිස්ස, ජිවයේ අයිතිය පරිසර සංවිධානය නියෝජනය කරමින් රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශම්මික ලියනගේ, ජේෂ්ඨ භුවිද්‍යාඥ ඇන්ටන් ජයකොඩි, පරිසරවේදී පුබුදු ප්‍රියන්ත මාතලේ පරිසර මිතුරෝ සංවිධානය වෙනුවෙන් සිසිර කුමාර, ආචාර්ය අශෝක රන්වල සහ ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුණා.






+++++++++++++++++++++++++++++++

*****************************************

අලි ඇල්ලීමේ වැඩෙන් සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ගැලවීමේ අවධානමක්
(16.06.2018 – nethnews.lk)

අලි ඇල්ලීමට වඩා සිංහරාජ වනාන්තරය තුළ විසඳිය යුතු තවත් බොහෝ ගැටලු තිබෙන බව ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යපාරය පවසනවා. එහි සාමාජික සජීව චාමිකර කියා සිටියේ එම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ නම් අලි ඉවත් කිරීමට අවශ්‍ය නොවන බවයි.

දේශපාලන තීන්දු මත රටට අත්වන්නේ අපකීර්තියක් පමණක් බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ.

මෙම අලි දෙදෙනා ඉවත් කළහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමකට ලක්විය හැකි බවට යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවද මීට පෙර ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර සිංහරාජ වනාන්තරය තුළ සිටින අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ඊයේ පස්වරුවේ නතර කෙරුණා. ඒ, ඊට එක්ව සිටි ගුවන් හමුදා පශු වෛද්‍යවරුන් දෙදෙනා යළි කැඳවීම හේතුවෙන්. වනජීවි අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් එම කැඳවිම සිදු කර ඇති බවයි ෴

******************************************

බුද්ධික රඹුක්වැල්ල ගෙන් රිතු ආකර්ෂාට …..

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *