පානදුරේ අනතුරකින් දෙදරු පියෙකුගේ දිවි අහිමිවෙයි. මිනීමැරුමක් දැයි සැකයක් !

(16.06.2018 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ අද (16) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගය පසෙක නවතා තිබූ ත්‍රිරෝද රථයක් පසුපසින් පැමිණි ගලි බවුසරයක් විසින් අනතුරකට පත්කර ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ මෙරියවත්ත, තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි දෙදරු පියෙක්.

අනතුර සිදුකළ ගලි බවුසරයේ රියදුරු සහ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා අතර කලක සිට ආරවුලක් පැවති බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද පෙරවරුවේද ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇතියි සඳහන්.

අනතුරුව ත්‍රිරෝද රථය පසුපස පැමිණි ගලි බවුසරයේ රියදුරු මෙම අනතුර සිදුකර තිබෙනවා.

මෙම සිදුවීම පුද්ගල ඝාතනයක් බවට සලකා පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.

++++++++++++++++++++++++++++++++

කිරිපිටි සමාගම් යළි මිල වැඩි කිරීමට ඉල්ලයි
(16.06.2018 – 14:43 +0530 – hirunews.lk/sinhala)

යළි මිල ඉහළ නංවන ලෙස කිරිපිටි නිෂ්පාදන සමාගම්, පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඩොලරයේ අගය රුපියල් 160 දක්වා ඉහළ යාම හේතුවෙන් ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල වැඩිවීම නිසා, කිරිපිටි නිෂ්පාදන සමාගම් මෙම ඉල්ලීම කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද කියා සිටියේ රුපියල් 70 කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ නංවන ලෙසට අදාළ සමාගම් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

මීට මාස කිහිපයකට පෙර ලෝක වෙළදපොළෙහි ඇමරිකානු ඩොලර් 3250 ක් ලෙස පැවති කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක් මේ වන විට ඩොලර් 3450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ සහ තම කර්මාන්ත පවත්වාගෙන යාමේ ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි කිරිපිටි සමාගම් අදාළ ඉල්ලීමෙහි සදහන් කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *