පොලිස් වෙඩි තැබීමෙන් අයෙකු මිය යාමට විරෝධය.. ප්‍රකෝපකාරීන් මැඩලන්න STF කැදවයි..

(18.06.2018 – 08:40 +0530 – lankacnews.com)

= යාපනය යලි ගිනියම් වෙයි.. පොලිස් වෙඩි තැබීමෙන් අයෙකු මිය යාමට විරෝධය.. කන්කසන්තුරෙයි මාර්ගය වසයි.. ප්‍රකෝපකාරීන් මැඩලන්න STF කැදවයි.. =

යාපනය මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (17) රාත්‍රියේ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට ගිය පොලිස් නිලධාරියෙකුට පහරදීමට පැමිණි පුද්ගලයෙකුට සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය යාම නිසා මේ වන විට මල්ලාකම් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිව තිබෙන අතරම තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.

චුන්නාගම් පොලිස් වසමේ සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රී රෝද රථයකින් තෙලිප්පලෙයි රෝහල දක්වා ගමන් කොට ඇති අතර එහිදී මල්ලාකම් කතොලික දේවස්ථානය ඉදිරිපිට තරුණයින් දෙපිරිසක් අතර බරපතල පහරදී ගැනීමක් සිදුව ඇත. එම අවස්ථාවේදී එම ගැටුම මැඩලීමට අදාල පොලිස් නිලධාරීන් දෙදෙනා උත්සහ කොට ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරීයෙකුට පහර දී පොලිස් නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී පොලිස් නිලධාරීවරයා විසින් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට පැමිණි පුද්ගලයාට වෙඩි තබා ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අදාල වෙඩි තැබීම හේතුවෙන් මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි සුදර්ශන් කුලමන්කාල් නැමති 25 හැවිරිදි තරුණයෙකු රෝහලගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

වෙඩි තැබීමෙන් පසුව මල්ලාකම් ප්‍රදේශවාසීන් විසින් අදාල වෙඩිතැබීමට විරෝධය පා යාපනය කන්කසන්තුරෙයි මාර්ගය මල්ලාකම් ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ වසා දමමින් විරෝධය පල කල අතර යාපනය රෝහල ඉදිරිපිටටද විශාල පිරිසක් රැස්ව විරෝධය ඉතා උණුසුම් අයුරින් විරෝධය පා ඇත.

කෙසේ වෙතත් මේ වන විට මල්ලාකම් මන්සන්ධියට මෙන්ම රෝහල් ඉදිරිපිටටද පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ කිහිපයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *