‘භික්ෂුන් වහසේලාගේ නඩු විමසිමට වෙනම අධිකරණයක් ඕනෑ’ – චම්පික රණවක

(18.06.2018 – 15:44 +0530 – lankadeepa.lk)

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීම සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (18) පැවසීය.

ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පවා ප‍්‍රතිපාදන සකස් වී ඇති බවත් සඳහන් කරයි.

කොළඹ 7, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දී ඇති දඬුවම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.

‘‘රටේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වන යම් යම් කරුණු කාරණා වලදී මහනායක හිමිවරුන්ගේ උපදේශය මත ක‍්‍රියාකළ යුතුයි. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසන්න වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා අපේ ව්‍යවස්ථාවේත් ප‍්‍රතිපාදනයක් තියෙනවා.

විශේෂ වරදාන බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉල්ලලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා රාජ්‍ය නීතියට භික්ෂුව යටත් කියලා. හැබැයි මේ භික්ෂුන් වහන්සේලාට නඩු අහන වේගයෙන්ම අනිකුත් අපරාධකරවන් සම්බන්ධයෙනුත් නඩු අහන්න ඕනෑ.

රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ නඩුව දහ දොළොස් වතාවක් කල් ගියා. ඇවන්ගාඩ් නඩුව තාම ඇහුවේ නැහැ. ඇතැම් නඩු අහනවා. ඇතැම් නඩු අහන්නේ නැහැ.

ඥාණසාර හිමියන් උසාවියට බාධා කිරිමක් හෝ අපහාස කිරිමක් මත නීතිය අනුව යම් යම් ක‍්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් ප‍්‍රකෝටි ගණන් ජනතා ධනය විනාශ කළ ඇවන්ගාඩ් වැනි අපරාධකරුවන්ට තාම එක දවසක්වත් දඬුවම් ලබා දෙන්න අධිකරණය අසමත් වී තියෙනවා.

මේ නිසා රටේ ජනතාවට පැහැදිලි ප‍්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ප‍්‍රශ්නය අධිකරණ ක්ෂේත‍්‍රය මගින් කඩිනමින් විසදිය යුතුයි යැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය ෴

************************************************

‘මෝටර් රථයක් තුළ තරුණයෙකු සමග අනාචාරයේ හැසිරුනු‘ ප්‍රසිද්ධ බොක්සිං පුහුණුකරුවා මහනුවරදී පොලීසියට කොටුවෙයි !
(18.06.2018 – nethgossip.lk)

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් අතර ජනප්‍රිය මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ බොහෝමයක් දිනා ඇති ක්‍රීඩාවක් ලෙස බොක්සිං ක්‍රීඩාව හැඳින්විය හැකියි. මේ නිසාම මෙරට බොහෝ යොවුන් ක්‍රීඩකයන් බොක්සිං ක්‍රීඩාව වෙත යොමුවෙන්නේ ඒ හරහා තම අනාගතය ගොඩනගා ගැනීමටයි. මෙලෙස ක්‍රීඩාවට සම්බන්ධ වන තරුණයන් බොහෝ ප්‍රශ්න වලට මුහුණපාන අවස්ථාද තිබෙනවා.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම ක්‍රීඩකයන් වෙත කෙරෙන ලිංගික බලපෑම් ඒ අතුරින් ප්‍රධාන වනවා..පසුගියදා මෙවන් සිදුවීමක් මහනුවරදී වාර්තා වී තිබෙනවා. ඒ මහනුවර බලගොල්ල පොලිස් බල ප්‍රදේශයේදියි. හිටපු ජාතික බොක්සිං පුහුණුකරුවෙකු එලෙස තම මෝටර් රථය තුළදී තරුණයෙකු සමග අනාචාරයේ හැසිරෙමින් සිටියදී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන දැඩි ලෙස අවවාද කර පසු දින නිදහස් කළ බව වාර්තා වනවා.

කලක් ජාතික තලයේ බොක්සිං පුහුණුකරුවෙකු වූ මොහු රත්නපුර ප්‍රසිද්ධ පිරිමි විදුහලක බොක්සිං පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති අතර මොහුගේ මෙම අනිසි හැසිරීම් නිසා මොහු කලින් සේවය කළ ආයතනය ඔහුව සේවයෙන් ඉවත්කර ඇති බවද වාර්තා වනවා. ජාතික හා ජාත්‍යන්තර තලයේ බොක්සිං ක්‍රීඩාව වෙත යාමට තමන්ට උදව් කළ හැකි බවද එසේ ජාත්‍යන්තර තලයේ බොක්සිං ක්‍රීඩාව වෙත යාමට අවශ්‍ය නම් මොහුට ලිංගික අල්ලස් ලබා දිය යුතු බවට ක්‍රීඩකයන්ට බලපෑම් කළ අවස්ථාද වාර්තා වනවා.

දැනට ⁣කල්පිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා තම සමලිංගික බලාපොරොත්තු ඉටු කර ගැනීමේ අරමුණින් ජාතික පුහුණුකරුවකු වීමට උත්සාහ කරන බවටත් එසේ ජාතික පුහුණුකරුවකු ⁣වුවහොත් යොවුන් ක්‍රීඩකයන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බවටත් ක්‍රීඩකයින් චෝදනා කරනවා. මෙවැනි පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට ක්‍රීඩකයන් බිල්ලට ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද ? ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *