එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට වන්දි ලබාදීමේ ආණ්ඩුවේ උත්සහයක් – මහින්දානන්ද

(20.06.2018 – 19:16 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට හා පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ගෙන එන්නේ මීලග ජනාධිපතිවරණයෙදි උතුරේ ජනතාවගේ ජන්ද ලබා ගැනිමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ් අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන්ද කෝප් කමිටුවෙන් ඉවත් කිරිමටද කථානායකවරයා කටයුතු කළ යුතු බවයි.

බදු මුදල් ගෙවීමෙන් වැළකී රට ගැන නොසිතා කටයුතු කරන ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීමට ජනතාව සාමුහිකව ක්‍රියාකල යුතු බව පාර්ලිමේන්තු විමල් විරවංශ මහතා එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.

*****************************************

රජයකට ජනප්‍රිය විය හැකි ආකාරය ගැන ගංගාරාම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක්
(20.06.2018 – 19:31 +0530 – hirunews.lk/sinhala)

මහජනයාගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළහොත් ඕනෑම රජයකට ජනප්‍රිය විය හැකි බව හුණුපිටිය – ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර හිමියන් පවසනවා.

එම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *