මාස 02 කදී නව බදු ගොනු 69,000 ක් විවෘත වෙලා

(20.06.2018 – biz.adaderana.lk)

නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවී මාස 02 ක් ඇතුළත නව බදු ගොනු 69,000 ක් විවෘත වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.

“දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වෙලා දැනට මාස 02 යි. මේ මාස දෙකේ දී මේ වෙන කොට අලුත් ෆයිල් 69,000 ක් විවෘත වෙලා. ලංකා ඉතිහාසයේම මේ දක්වා තිබුණේ ෆයිල් ලක්ෂ 4 යි. මිලියන 22 ක ජනගහනයක් ඉන්න රටේ ටැක්ස් ෆයිල් තිබ්බේ ලක්ෂ 4 යි. සම්පූර්ණ ප්‍රමාණයෙන් 15% ක් පමණ මේ මාස 2 ට විවෘත කරන්න පුළුවන් වෙලා තියෙනවා.’’

“මේ රටේ ජනතාව තමන්ගේ සමාජ වගකීම් ඉටුකරන්න ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වීම ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා.’’

“මේ රටට විශාල සේවයක් කරනවා විවිධ වෘත්තිකයින්. මේ වෘත්තීය වේදීන්ගෙන් මම ඉල්ලන්නේ කරුණාකරලා තමන් ගෙවිය යුතු ඒ ආදායම් බදු ගෙවන්න ඕනේ. විශේෂයෙන් නීතිඥ මහත්වරු ඉන්නවා, ටියුෂන් මාස්ටර්ලා ඉන්නවා, ආකිටෙක්ස්ලා ඉන්නවා, දොස්තර මහත්වරුන් ඉන්නවා, විශේෂයෙන් විශේෂඥ සේවයන් ලොකු සේවයක් කරනවා, නමුත් ඒ හැම කෙනෙක්ම තමන්ට ලැබෙන ආදායම අනුව ගෙවන්න පුළුවන් නම් අපිට මේ වගේ සහන තවතවත් ඉදිරියේ දී ලබාදෙන්න පුළුවන්.’’

***********************************************

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන අධ්‍යාපන ආයතන ලියාපදිංචි කෙරේ
(20.06.2018 – 21:31 +0530 – sinhala.adaderana.lk)

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන බෞද්ධ දස සිල් මාතා ආයතන නමින් ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

ශ්‍රී ලංකාවේ දැනට දස සිල් මාතාවන් 4000 ක් පමණ පිරිසක් වැඩ වසන අතර එම සිල් මාතාවන්ගේ අධ්‍යාපනික කටයුතු සිදු කරනු ලබන්නේ ස්වේච්ඡා ආයතන කිහිපයක් මගිනි. එම ආයතනවලට අවශ්‍ය සහය සහ අනුග්‍රහය රජය මගින් ලබා දීම සදහා 1979 අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරගෙන යන අතර එතෙක් දස සිල් මාතාවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා එම ආයතන ලියාපදිංචි කිරීමට යන බව අධ්‍යාපන අමාත්‍යවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක් වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *