තැපැල් වර්ජනය අඛණ්ඩව – තැපැල්පතිගෙන් සේවකයන්ට දැනුම්දීමක්

(21.06.2018 – 16:34 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා සමඟ අද පැවති සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වූ බව තැපැල් වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිය ඉල්ලීම් ලැබෙනතුරු තම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව දියත් කරන බවයි.

මේ අතර වර්ජනය අවසන් කර තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙසට තැපැල්පති ඩී එල් පී රෝහණ මහතා ඉල්ලා සිටිනවා.

ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවයි තැපැල්පතිවරයා කියාසිටියේ.

තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි පළමුවනදා සිට 11 වනදා දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරන බව ද තැපැල්පතිවරයා දැනුම් දෙනවා ෴

*****************************************

ලිංගික නවකවදය දුන්නැයි පස්දෙනෙක් අත්අඩංගුවට
(21.06.2018 – 16:53 +0530 – lankadeepa.lk)

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන නවක සිසුවියනට ලිංගික හිංසනයක් සිදු කළැයි සිසුවියන් සිව් දෙනෙකු සහ සිසුවකු අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසයි.

නවක සිසුවියනට ලිංගික හිංසනයන් කරන බවට ලැබුණු පැමිණිලි මත මෙම සිසුවියන් සහ සිසුවා අත්අඩංගුවට ගත් බවත් මේ වනවිට ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරමින් සිටින බවත් අක්මීමන පොලිසිය සඳහන් කරයි.

මෙසේ ලිංගික නවකවදයට භාජනය වී ඇත්තේ නේවාසිකාගාරයේ සිටි සිසුවියන් පිරිසකි.

අත්අඩංගුවට ගත් සිසුවා සහ සිසුවියන් සිව් දෙනා ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *