23 වන සෙනසුරාදා කොළඹ නගර සභා සීමාවට ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ

(21.06.2018 – 17:33 +0530 – sinhala.adaderana.lk)

අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 23 වන සෙනසුරාදා දිනයේ මධ්‍යහන 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශයන්හි අඩුපීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම ලබාදීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි ෴

******************************************

සිසුන් පිරිසක් පහරදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා රෝහලේ
(21.06.2018 – 22:32 +0530 – sinhala.adaderana.lk)

සිසුන් පිරිසක් කළ පහර දීමක් හේතුවෙන් හලාවත මැරවල සවරාන විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ සවරාන ග්‍රාමයේ පදිංචි මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් (16) නමැති සිසුවෙකි.

පසුගිය 15 වන දින රාත්‍රී දහයට පමණ මේ පහර දීම සිදු කර ඇත. මේ පහරදීමෙන් පසු මේ සිදුවීම කිසිවෙකුට නොකියන ලෙස පහර දුන් පුද්ගලයින් තර්ජනය කර තිබේ.

මිට ටික දිනකට පෙර මේ සිසුවාට පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක පදවිය ලැබී ඇති අතර ඊට පසු එයට ඊර්ෂාවෙන් සිටි සිසුන් හතර දෙනෙකු මේ පහර දීම සිදු කර ඇති බව සිසුවාගේ මිත්තණිය පැවසුවාය .

මේ සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු මිට පෙර හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඉන් එක් අයෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .

ඊයේ (20) මේ සිසුවාට සැත්කමක් සිදුකර ඇති අතර ඉන් අනතුරුව තත්වය බරපතළ වීම හේතුවෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ .

හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා උපදෙස් පරිදි හලාවත පොලිසියේ නිලධාරීන් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

******************************************

සිංහරාජයේ අලි දෙදෙනා මාරා දැමීමේ කුමන්ත්‍රණයක් ගැන පොලිස්පතිට පැමිණිල්ලක්
(21.06.2018 – 19:25 +0530 – sinhala.adaderana.lk)

සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින වනඅලින් දෙදෙනා හොරොව්පතාන රක්ෂිතයට ගෙනයාමට දියත් කළ මෙහෙයුම නැවැත්වූ පසුබිමක එම අලින් දෙදෙනා මරාදැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට පැමිණිල්ලක් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අද (21) පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ශෂිකළණ රත්වත්තා පැවසුවේ ප්‍රදේශීය දේශපාඥයෙක් හා ජාවාරමේ නිරත පිරිස් විසින් අලි දෙදෙනා අනාරක්ෂිත පරිසරක සිටින බවට ඒත්තු ගැන්වීම සඳහා අලි දෙදෙනාට හක්කපටස් ආහාරයට ලබාදීමටත් පාදවලට වෙඩි තැබීමටත් සූදානම්න් සිටින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *