කෙරවළපිටිය LNG විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරයෙන් අසමසම වංචාවක්..

(22.06.2018 – 08:02 +0530 – lankacnews.com)

කෙරවළපිටිය LNG විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරයේ සිදු වී ඇති අවභාවිතාව පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

දූෂණ විරෝධී පෙරමුණෙන් ඊයේ දිනයේ මෙම පැමිණිල්ල බාර දී තිබේ.

සංවිධනයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මෙම අවස්ථාවට එක්වූහ.

සම්පූර්ණ පැමිණිල්ල මෙහි දැක්වෙයි :

********************************************

ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි නොයවන්න – විශ්ව තැපැල් සංගමය
(21.06.2018 – 22:34 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවට ලිපි හා පාර්සල් යැවීමේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා නොයවන්නැයි විශ්ව තැපැල් සංගමය එහි සාමාජික රටවල්වලට දන්වා යවා තිබේ.

රටවල් 191 ක් විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය දරන අතර බොහෝ සාමාජික රටවල් ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි හා පාර්සල් මෙරටට එවීම නවත්වා ඇතැයි වාර්තාවේ.

ඒ වෙනුවට බොහොමයක් රටවල පාර්සල් ප්‍රවාහන සේවාවන් තෝරා ගෙන ඇතැයි ද පැවැසේ. මේ තත්ත්වය උදා වී ඇත්තේ තැපැල් සේවකයින් විසින් ඉකුත් 11 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන වැඩ වර්ජනය හේතතුවෙනි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *