කිලිනොච්චියේ දිවියා ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් 03 ක්.. සැකකරුවන් 02 ක් අත්අඩංගුවට..

(24.06.2018 – 12:40 +0530 – lankacnews.com)

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සමබන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (24) උදෑසන වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3 ක් විසින් පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

පසුගිය 21 වනදා අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුනු දිවියා ඉතා කෘර ලෙස මරා දැමූ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගිය 22 වනදා කිලිනොච්චිය අධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නේ අදාල දිවියා මරා දමන අවස්ථාවේදී ලබා ගත් වීඩියෝ සහ ඡායාරූප උපයෝගි කරගන්නා ලෙසටය.

එහිදී ලබාගත් ඡායාරූප හා රූප රාමු සැලකිල්ලට ගෙන සැකකරුවන් සිව් දෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇති අතර සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ අරඹා ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

ඊට අමතරව පත් කොට ඇති පොලිස් කණ්ඩායම් මගින් දිවියා මැරීම සිදු කරන සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සිදු කරන බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

දිවියා ඝාතනය කිරීම සඳහා හවුල් වූ සෙසු සැකකරුවන් මේ වන විට සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති අතරම දිවියාගේ ඝාතනයට සම්බන්ධ සියලුම පිරිස් අත්අඩංගුවට ගැනීමටද පරික්ෂණ කටයුතු කිලිනොච්චිය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

25.06.2018

**********************************************

මුල් මාස 06 ට කෝටි 2100 ක් විදෙස් ආයෝජන ඉවත් කර ගනී..
(24.06.2018 – 13:20 +0530 – lankacnews.com)

මෙම වසරේ මුල් මාස 06 තුල රුපියල් කෝටි 2100 ක පමණ විදේශ අයෝජන ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කරගෙන ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

රුපියල් කෝටි 32,200ක සමස්ත අයෝජනයන් ගිය වසරේ දෙසැම්බර 31 වන විට තිබුනද 2018 ජූනි මස 14 දිනය වෙද්දී කෝටි 2,100 ක් අඩු වී ඇතැයිද වාර්තාවේ සඳහන්ය.

ලොව ප්‍රධාන ආයෝජකයන් විසින් මෙසේ තම ආයෝජන මෙරටින් ඉවත් කරගෙන ඇති අතර භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර ආදියෙහි මෙම වැඩි ප‍්‍රමාණය ආයෝජනය කර තිබින.

පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මෙසේ ආයෝජන ඉවත් කරගෙන ඇතැයිද සඳහන්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *