ඔට්ටුසුඩාන් ප්‍රදේ‍ශයේ සිදුකළ මෙහෙයුමට දේශපාලනය මැදිහත්වීම නිසා විශාල පාවාදීමක් සිදුවෙලා

(28.06.2018 – 17:57 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා ඔට්ටුසුඩාන් ප්‍රදේශයෙන් LTTE අවි ආයුධ සහ ඇඳුම් කට්ටල සොයාගැනීමේ සිදුවීමට දේශපාලනය මැදිහත්වීම නිසා විශාල පාවාදීමක් සිදුව ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අද (28) පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගියදා ඔට්ටුසුඩාන් ප්‍රදේශයෙන් LTTE අවි ආයුධ සහ ඇඳුම් කට්ටල සොයාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ ටොසී ඔත්තු සේවයේ කටයුතු කළ අයෙකු බවද ඒ මහතා පැවසීය.

හමුදාව මඟින් වැටුප් ගෙවා කොටි සංවිධානයේ සැලසුම් හෙළි කර ගැනීම සඳහා ඔත්තුකරුවන් කොටි සංවිධානයට ඇතුළත්වී තවමත් සිටින බව ඒ මහතා පැවසීය.

මෙම මෙහෙයුම තුළින් එවන් එක් ඔත්තුකරුවෙක් පාවාදී ඇති බවත් ඔහු අත්අඩංගුවේ සිට එළියට පැමිණි වහාම ඝාතනය කරනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

******************************************

ආවාට අවනත නොවූ පවුලකට පැට්‍රල් බෝම්බ ප්‍රහාරයක්…!
(28.06.2018 – News e Lanka)

යාපනයේ ක්‍රියාත්මක ‘‘ආවා ගෲප්’’ කල්ලියේ සාමාජිකයින් පිරිසක් විසින් ඔවුන්ට විරුද්ධකම් කරන ලද පවුලකට අයත් යාපනයේ මනිපායි ප්‍රදේශයේ නිවසකට අද (28) උදෑසන පැට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

මේ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නතර කොට තිබූ යතුරු පැදියක් ගිණිගෙන විනාශ වී ඇති අතර නිවසටද අලාභ හානි සිදුව තිබේ.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වීමත් සමගම විශාල ගිණි ජාලාවකින් නිවස ඉදිරිපිට මුළු ප්‍රදේශයම වැසී ගිය බව සිද්ධිය දුටුවෝ පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

මීට මාස හතරකට පමණ ඉහතදී මේ නිවසේ දරුවෙක් ද ‘‘ආවා ගෲප්’’ කල්ලිය විසින් කඩුවලින් කපා තුවාල සිදු කළ බවද යාපනයේ මනිපායි පොලීසිය පවසයි.

සිද්ධිය වූ වහාම මනිපායි පොලීසියේ නිලධාරීන් ඒ ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දමා නිවසේ උදවියගෙන් කට උත්තර ලබාගෙන පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

– දිනසේන රතුගමගේ

*********************************************

ලෝක උරුමය දුම්බර ඈවරයි – තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
(27.06.2018 – lankadeepa.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *