ගෑස් මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පහළට

(29.06.2018 – 16:58 +0530 – hirunews.lk/sinhala)

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් පහත දමා තිබෙනවා.

ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව මෙලෙස ගෑස් මිල පහත දැමීමට තීරණය කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

පසුගිය අප්‍රේල් මස 27 වනදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 245 කින් ඉහළ දැමුනු අතර ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල වූයේ රුපියල් 1676 ක්.

අද රුපියල් 138 කින් මිල අඩුවීමත් සමග ගෑස් සිල්න්ඩරයක නව මිල රුපියල් 1538 ක් ෴

******************************************

මාතරින් කොල්ලකෑ රන් අභරණවලින් කොටසක් හමුවෙයි
(29.06.2018 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මාතර ස්වර්ණාභරණ කොල්ලය සිදුකර පළා ගිය හබරකඩ වසන්ත නැමැත්තා සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ, ඔහුගේ මවගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

එම රන් භාණ්ඩ හෝමාගම – හබරකඩ ප්‍රදේශයේ නිවසක මිදුලේ වළ දමා තිබුණා.

හබරකඩ වසන්ත නමැත්තාගේ හෝමාගම – හබරකඩ නිවසේ තිබී රිවෝල්වරයක්, ජීව උණ්ඩ 4 ක් සහ හිස් පතොරම් කොපු දෙකක් ඊට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.

එහිදී ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් අතර, පසුව මව, පියා සහ රන් භාණ්ඩ වළ දමා තිබූ නිවසේ සිටි කාන්තාවක සහ තවත් අයෙකු ද අත්අඩංගුවට ගත් බවයි කොළඹ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *