පෞද්ගලික සිනමා මණ්ඩල චිත්‍රපට කර්මාන්තයට කිසිදු ආයෝජනයක් සිදුකර නැහැ – ප්‍රවීනයින්

(29.06.2018 – 20:31 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සිනමා මණ්ඩල චිත්‍රපට ප්‍රදර්ශනයෙන් මිලියන ගණනින් ලාභ ඉපැයුවද චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කිසිදු ආයෝජනයක් සිදුකර නොමැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සඳහන් කරනවා.

ඒ, අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පෞද්ගලික සිනමා මණ්ඩල සඳහා පැවති ඒකාධිකාරය අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ විෂයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

**************************************

‘හිරු CIA’ ඇසට හසුවූ ඉලන්තඩිය වෙරළේ නීති විරෝධී ඉදිකිරීම
(29.06.2018 – 20:10 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම, නොරොච්චෝල, ඉලන්තඩිය ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක නීති විරෝධී ඉදිකිරීමක් මේ වනවිට සිදුවෙමින් පවතිනවා.

ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් නොමග යවමින් සිදුකරන එම නිති විරෝධී ඉදිකිරීම පිළිබදවයි අද ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *