EAP සමූහ ව්‍යාපාරය විකිණීම ගැන සිංහලේ ජාතික පෙරමුණ සහ රාවණා බලයෙන් ජනපතිට සංදේශයක්

(29.06.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් සමාගම්, දෙමළ ඩයස්පෝරාවට අයත් රාජ්‍ය නොවන සංවිධානයක් මිලදී ගැනීම සහ කරුණු කිහිපයක් පිළිබද අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් රාවණාබලය සහ සිංහලේ ජාතික පෙරමුණ අද ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාර දුන්නා.

ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතා වෙත එම සංදේශය භාර දුන් බවයි අදාළ සංවිධානවල නියෝජිතයන් ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++++++++++++

වීරවිල ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ප්‍රමිතියෙන් තොර බව තහවුරු වෙයි
(29.06.2018 – 21:12 +0530 – sinhala.adaderana.lk)

තිස්සමහාරාම වීරවිල ගුවන් හමුදා කඳවුර මඟින් පවත්වාගෙන යනුලබන ඉන්ධන පිරවුම්හලෙහි ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඊයේ (28) ගැටලුකාරී තත්ත්වයක් ඇති විය.

අලෙවි කළ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයක දි එම ඉන්ධන වල ගැටලුවක් පවතින බව අනාවරණය වි තිබේ.

අදාල පිරවුම්හලෙන් ඩීසල් ලබා ගත් පිරිසක් තම වාහනය අතරමග ඇණහිටීම හේතුවෙන් ඊයේ යලිත් එම ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ ප්‍රමිතියෙන් තොර ඉන්ධන අලෙවි කරන බවට චෝදනා කර තිබේ.

එහිදී ඉන්ධන පිරවුම්හල භාරව සිටි ගුවන් හමුදා නිලධාරියා පවසා සිටියේ ගැටලුව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කළේ අදාල ඉන්ධන පිරවුම්හල මගින් අලෙවි කළ ඉන්ධන ප්‍රමිතියෙන් තොර බව අනාවරණ වී ඇති බවයි.

පරීක්ෂණ අවසන් වනතෙක් ඉන්ධන නිකුත්කළ පොම්පය මුද්‍රා තබා ඇති බවත් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ගුවන් හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් විය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *