බැඳුම්කර වංචාවට මහපොළ අරමුදලෙන් රුපියල් මිලියන 440 ක් යොදාගෙන

(01.07.2018 – 19:17 +0530 – sinhala.adaderana.lk)

විශ්වවිද්‍යාල මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ රුපියල් මිලියන 440 කට අධික මුදලක් ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සඳහා යොදාගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මේ බව අනාවරණය කළේය.

පහළොස් දහසක් වූ දරුවන් රුපියල් 5500 බැඟින් මහපොළ අරමුදලෙන් ලැබෙන බවත් එම මහපොළ අරමුදලේ මුදල් පවා බැඳුම්කර වංචාව යොදා ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.

අවම වශයෙන් රුපියල් මිලියන 440 ක් මේ සඳහා යොදාගෙන ඇති බවත් දැනට හඳුනාගෙන ඇති ආකාරයට ඒ තුළින් සිදුවූ පාඩුව රුපියල් මිලියන 18 ක් බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴

******************************************

ගල්කිස්සේ ATM යන්ත්‍රයක ලක්ෂ 37 ක් අතුරුදහන්..! යන්ත්‍රයට හානියක් වෙලත් නෑ..!
(01.07.2018 – nethnews.lk)

පුද්ගලික බැංකුවකට අයත් ගල්කිස්ස හෝටල් පාරේ විද්‍යාල හංදියේ පිහිටි ATM යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 37ක් අස්ථාන ගත වී ඇති බවට ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වනවා. අදාළ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් මෙම ATM කුටිය පාලනය වන අතර එහි මුදල් තැන්පත් කිරීම වෙනත් පුද්ගලික සමාගමක් මගින් සිදු කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර අදාල පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් කුටියේ මුදල් ගණනය කිරීමේ දී රුපියල් ලක්ෂ 35 ක මුදල් ප්‍රමාණයක් අඩුවී ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.

මෙලෙස මුදල් අස්ථානගත වුවද යන්ත්‍රයට කිසිදු අයුරකින් හෝ අලාභ හානියක් සිදු වී නොමැති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා. මේ අතර අදාළ යන්ත්‍රයේ දොරගුලු විවෘත කිරීමේ සියලු තාක්ෂණ දැනුම තිබෙන්නේ පෞද්ගලික බැංකුව මගින් බලය පවරා තිබෙන සමාගමට පමණක් බව ද පොලිසිය සඳහන් කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *