චීනය කෝප ගන්වා සතියයි.. රුසියාවත් කෝප ගන්වා ගනී.. ආණ්ඩුවට විරුද්දව කටයුතු කරනවා යයි ඇමති මංගලගෙන් රුසියාවට ප‍්‍රබල චෝදනාවක්..

(02.07.2018 – 09:20 +0530 – lankacnews.com)

ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇතැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මේ සදහා රුසියාව ආධාර කරන බවටද ඇමතිවරයා චෝදනා කරයි.

යුක්රේනයේ හා රුසියාවේ සිට මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක වන බවත ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් මෙම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ පවසන්නේ එවන් උපදෙන් ගැනීමට තමනට උවමනාවක් ඇතැනම් උපදෙස් ගන්නේ ඒ සදහාම ප‍්‍රවීණයෙකු වන ඇමති මංගල සමරවීර මහතාගෙන් බවයි.

ඇමති සමරවීර තමන් ඉලක්ක කරමින් සැබෑවටම සිදු කර ඇත්තේ රුසියාවට පහර ගැසීමක් විය හැකි යයිද මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටී.

චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන්නේ යයි කල ප‍්‍රකාශයෙන් පසු චීනය විසින්ද රාජතාන්ත‍්‍රික මට්ටමින්ම ඊට ප‍්‍රතිචාර දක්වා දින කිහිපයක් ඇතුලත රුසියාවටද චෝදනා එල්ල කරමින් ඇමති මංගල සමරවීර විසින් මෙවන් චෝදනාවක් සිදු කිරීම විශේෂයකි.

*********************************************

දේව ප්‍රතිමාවට පිටුපසින් ඊළාම් සිතියමකුත් රැගෙන යයි..! යාපනයේ පෙරහැරක අමුතු වැඩක්..!
(02.07.2018 – nethnews.lk)

යාපනය ආනෙයිකොට්ටෙයි පත්තිනි අම්මාන් කෝවිලේ වාර්ෂික කුම්බාභිෂේක උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ දේව මෙහෙයක් වෙනුවෙන් දේව ප්‍රතිමාව රැගෙන එන පෙරහැරේදී එල්.ටී.ටී.ඊ. ඊළාම් සිතියම බවට සැක කෙරෙන පෝස්ටරයක් රැගෙන යාම පිළිබඳව මාණිප්පායි පොලිසියට ලැබුණු තොරතුරුක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මාණිප්පායි ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පැවති මෙම පෙරහැරේ රැගෙන ගිය දේව ප්‍රතිමාවට පිටුපසින් අදාළ කොටි ඊ්ළාම් සිතියම බවට සැක කළ හැකි පෝස්ටරයක් කිසියම් පුද්ගලයෙකු විසින් ගෙන යන ආකාරය දැක්වෙනවා. ඒ අනුව අදාළ සිතියම සහිත පෝස්ටරය රැගෙන ගිය පුද්ගලයා සොයා මාණිප්පායි පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *