අනුරාධපුර – තලාවේ රු. රුපියල් 8 කෝටි 70 ලක්ෂයේ බැංකු කොල්ලය පිලිබඳ විමර්ශන CID යට

(02.07.2018 – 20:29 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක සිදුවූ දැවැන්ත මුදල් මංකොල්ලය පිළිබඳව විමර්ශය CID ය වෙත භාරදී තිබෙනවා.

මේ අතර සොරා ගන්නා ලද රන් සහ මුදල් ප්‍රමාණය රුපියල් 8 කෝටි 70 ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොරා ගන්නා ලද රන් සහ මුදල්වල වටිනාකම තවමත් ගණනය කරමින් පවතින බවයි.

පසුගිය සති අන්තයේදී කිසියම් පිරිසක් එම රාජ්‍ය බැංකුවට ඇතුළු වී මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇති බවටයි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණේ.

බැංකුවෙහි පිටුපස දොර කඩා අදාළ කොල්ලකරුවන් ඊට ඇතුළු වී ඇති අතර, පසුව එහි තිබූ සේප්පු 3 ක් කඩා විවෘත කොට මෙම මුදල් සහ රන් ආභරණ කොල්ල කා තිබෙනවා.

මේ අතර සැකකරුවන් සේප්පු කැමීමට ගෙනා උපකරන අතර තිබූ ස්කුරුප්පු නියනක් හා රෙදි කැබැල්ලක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බැංකුවෙහි සවි කර තිබූ ආරක්ෂක සංඥා පද්ධතිය සහ කැමරා පද්ධතිය ද ගලවාගෙන ගොස් ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

———————————–

———————–

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

තලාව බැංකු සොරකමේ වටිනාකම කෝ 16 ඉක්මවන බවට තක්සේරුවක්
(04.07.2018 – 17:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – තලාවේ රාජ්‍ය බැංකුවකින් සොරකම් කළ මුදල් හා රන් ආභරණවල මුළු වටිනාකම රුපියල් දහසය කෝටි විසිපන් ලක්ෂ හැත්තෑ හයදහසක් බවට ගණනය කර තිබෙනවා.

ඒ පිළිබඳව බැංකු නිලධාරීන් විසින් පොලීසියට දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් 8 ක් ඊට අදාළ විමර්ශනය සඳහා යොදවා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *