ඒකාබද්ද මන්ත‍්‍රී හමුව මගහැර දයාසිරි ජනාධිපති මන්දිරයේ.. ජනපතිගේ හමුවට දයාසිරි පමණයි.. මහින්ද හමුවට 14 ක් එයි.. එස්.බී. රට යයි..

(03.07.2018 – 10:00 +0530 – lankacnews.com)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ පස්වරුවේ කැදවන ලද ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවට මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් 14 දෙනෙකුම සහභාගී වූ අතර දෙදෙනෙකු පමණක් සහභාගී නොවීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්.බී. දිසානායක මහතා හා දයාසිරි ජයසේකර මහතා එසේ සහභාගී නොවූ අයයි.

එස්.බී. දිසානායක මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙයි.

දයාසිරි ජයසේකර මහතා ඒකාබද්ධ මන්ත‍්‍රී හමුවට නොපැමින ජනාධිපති නිල නිවසේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග පැවති ශ‍්‍රීලනිප නිලධාරී මණ්ඩල හමුවට සහභාගී වි සිටියේය.

ඒකාබද්ධ විපක්‍ෂයට එක් වූ 16 දෙනාගෙන් 08 දෙනෙකුම ශ‍්‍රීලනිප නිලධාරීන් වන අතර ඉන් 06 දෙනෙකුම ඒකාබද්ධ විපක්‍ෂ මන්ත‍්‍රී හමුවේ සිටියේය.

එස්.බී. දිසානායක හා දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරුන්ද ශ‍්‍රීලනිප නිලධාරීන් වෙයි.

ඒකාබද්ධ විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුව මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ද හා ශ‍්‍රීලනිප නිලධාරී හමුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්ද එකම වේලාවක කැදවා තිබීම විශේෂත්වයකි ෴

******************************************

ජනපති මෛත‍්‍රීට ඕස්ට්‍රේලියාවෙන් එල්ල කල අල්ලස් චෝදනාවට තාම FCID පැමිණිලි කර නෑ..
(03.07.2018 – 12:00 +0530 – lankacnews.com)

නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කල නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට හැකිනම් ඒ අයුරින්ම ඕස්ට්‍රේලියා රජය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල කර ඇති අල්ලස් චෝදනාව ගැන පැමිණිලි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නියෝජ්‍ය ඇමති රන්ජන්ටත් එජාපයටත් අභියෝග කරයි.

අදිල ලිපිය නිවුයෝක් ටයිම්ස් හි පල වී පැය කිහිපයකින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැමණිලි කර ඇති නමුත් ඕස්ට්‍රේලියා රජයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල කර ඇති අල්ලස් චෝදනාව ගැන මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නැතැයි ද කියා සිටී.

එජාපය හෝ රන්ජන් නියෝජ්‍ය ඇමතිට කොන්දක් ඇත්තේ නම් එම චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණ කරන්නැයි ඉල්ලා පැමිණිලි කරන්නැයිද මන්ත‍්‍රීවරයා අබියෝග කරයි ෴

******************************************

නිට්ටඹුවේ අනතුරකින් පාපැදිකරුවෙක් මරුට – අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
(03.07.2018 – 18:15 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව ගෝනගස්දෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුනා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (03) පස්වරු 3.30 ට පමණ අනතුර සිදුවු බවයි.

නිට්ටඹුව සිට නුවර දෙසට ගමන් ගත් පාපැදියක පිටුපසින් පැමිණි ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර පාපැදිකරු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම අනතුර අසල වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක පටිගත වී තිබුනා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *