වියත්මග යනු මහින්ද චින්තනයයි.. මීළඟ ඉනිමට සැරසෙන්න.. පොහොට්ටු වේදිකාවට ගෝඨාභය නංවා මහින්ද කියයි..

(04.07.2018 – 14:10 +0530 – lankacnews.com)

පසුගිය ඉනිම ජයගත් ආකාරයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊළග ඉනිමටද සුදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වියත්මඟ වැඩපිලිවෙල මගින් ක්‍රියාත්මක වන්නේද මහින්ද චින්තනය යයි ඒ මහතා කීය.

බත්තරමුල්ල නෙළුම් මාවත එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද අද මෙම හමුව සදහා එක්ව සිටීම විශේෂත්වයකි.

බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ ඇතුළු මන්ත‍්‍රිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

+++++++++++++++++++++++++++++++++

පොහොට්ටුව පිපෙයි.. ශ‍්‍රීලනිපය අතහැර සන්ධාන මන්ත‍්‍රීන් 135 ක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී..
(04.07.2018 – 15:00 +0530 – lankacnews.com)

එක්සත් ජනතා නිදහස් සන්දාන පළාත් සභා මන්ත‍්‍රීවරුන් 135 දෙනෙකු අද දිනයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ලබා ගත්තේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මෙම පිරිසට සාමාජිකත්වය ලබා දීම සිදු විය.

විසුරුවා හැර ඇති සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පළාත් සභාවන්හි සන්ථාන නියෝජිතයන් වැඩි පිරිසක් ඒ අතර වෙයි.

පළාත් සභා නියෝජිතයන් 21 දෙනෙකු සාමාජිකත්වය ලබා ගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා අතිනි.

මෙම උත්සවය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතාද එක්ව සිටීම විශේෂත්වයකි ෴

++++++++++++++++++++++++++++++++

2018.07.04

අද නෙලුම් මාවත පොදුජන පෙරමුනේ පුධාන කාර්යාලයට පැමිනි ගොඨාබය රාජපක්ෂ මහතා

Posted by GR Media on Wednesday, July 4, 2018

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *