හම්බන්තොට වරාය ගැන පල වු මාධ්‍ය වාර්තා කිසියම් යටි අරමුණකින් සිදුවූවක් – චීනයෙන් ප්‍රකාශයක්

(05.07.2018 – 13:25 +0530 – sinhala.adaderana.lk)

හම්බන්තොට වරාය ඉදිකිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් පලවූ මාධ්‍ය වාර්තාව කිසියම් යටි අරමුණක් ඇතිව පලකරන ලද්දක් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කැන්ග් මහතා ඊයේ (04) බීජීං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

බීජිං නුවරදී පැවති මාධ්‍ය හමුවක් අතරතුර චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කැන්ග් මහතා සඳහන් කළේ මුළුමන්ම කරුණු විකෘති කරමින් අමෙරිකානු මාධ්‍යවල පළකර ඇති මෙම වාර්තාව වගකීම් විරහිත හෝ කිසියම් යටි අරමුණක් ඇත්තෙක් විසින් සිදුකළ නියෝගයකට අනුව පළකර ඇති බවයි.

එම වාර්තාව පළකිරීම හා සම්බන්ධ මාධ්‍ය ආයතනය සාවද්‍ය ප්‍රවෘත්ති පිළිකිරීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක්වක් නොදක්වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා මෙහිදී සඳහන් කර තිබුණි.

හම්බන්තොට වරාය ඉදිකිරීම සිදුවූයේ ශ්‍රි ලංකාවේ අනුක්‍රමික රජයන් සහ ශ්‍රි ලාංකික ජනතාවගේ අභිලාශයට අනුව බව සඳහන් කළ ලූ කෑන්ග් මහතා දෙපාර්ශවයටම සමාන වාසි හිමිවන පරිදි ව්‍යාපාරික නීතී පිළිපඳිමින් හම්බන්තොට වරාය ඉදිකිරීමට ආයෝජනය කිරීම සඳහා චීන රජය චීන සමාගම් දිරිමත් කල බවද මෙහිදී පවසා සිටියේය.

චීනය හම්බන්තොට වරාය හමුදා කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කළ බව සහ චීනයේ “බෙල්ට් ඇන්ඩ් රෝඩ් සැළැස්ම “ අනෙක් රටවල් ණය උගුලක සිරකරන බවට අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් කරුණ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

එබැවින් මෙම ණය උගුල සම්බන්ධයෙන් මුසාව නිර්මාණය කල පාර්ශවයින්ට දියුණු වෙමින් පවතින රටවලට සහය පළකිරීමට නොහැකිනම් අඩුමතරමින් එලෙස සහය පළකරමින් පවතින රටවල් කෙරෙහි යහපත් ආකල්ප සහිතව කටයුතු කළ බව ලූ කෑන්ග් මහතා පවසා සිටියේය.

එමෙන්ම ශ්‍රි ලංකාව සහ චීනය හම්බන්තොට ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන බවත් ඒ හරහා ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ නාවික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කර බවත් තමන් ප්‍රකාශ කරන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

මහින්දට එල්ල වු චෝදනා චයිනා හාබර් සමාගම ප්‍රතික්ෂේප කරයි
(05.07.2018 – 13:33 +0530 – sinhala.adaderana.lk)

චයිනා හාබර් ඉංජිනියරින් සමාගම හිටපු ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට වන ජාත්‍යන්තර මාධ්‍යයේ පළ වූ වාර්තා සත්‍ය දත්ත හා පටහැනි බව පවසයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති අනෝන්‍ය ගිවිසුමක් මත පදනම්ව ශ්‍රි ලංකා රජය විසින් චයිනා හාබර් ඉංජිනිවරින් සමාගම සමඟ විනිවිද පෙනෙන ආකෘතියක් යටතේ ක්‍රියාත්මක වු බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසිදු සම්බන්ධයක් සමාගමට නොමැති බවත් සමාගම වැඩිදුරටත් දක්වා තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *