වාට්ටුවටම ඇඳවල් 21 යි – ගැබිණි මව්වරු තිදෙනෙකුට එක් ඇඳයි – මව්වරුන්ගෙන් ඉල්ලීමක්

(05.07.2018 – 11:44 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර, තඹුත්තේගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන ගැබිණි මව්වරුන් කලක සිට මුහුණ පා සිටින දුක්ඛිත තත්ත්වය පිළිබඳ අද දෙරණට වාර්තා විය.

තඹුත්තේගම මූලික රෝහල ප්‍රදේශයේ ගම්මාන 30 කට අධික ජනතාවක් දෛනිකව සිය ප්‍රතිකාර, වෛද්‍ය සායන හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගනු ලබන රෝහලක් ලෙස මෙම රෝහල සැලකිය හැකියි.

මසකට ගැබිණි මාතාවරුන් 400 ක් පමණ මෙම රෝහලේ නේවාසිකව සිය දරු ප්‍රසූතිය සඳහා සේවාවන් ලබා ගන්නා අතර දිනකට මෙහි දරුවන් 15-20 අතර පිරිසක් උපත ලබන බව වාර්තා වෙයි.

කෙසේ නමුත් රෝහලේ ගැබිණි මාතාවන් සඳහා වෙන් කර ඇත්තේ එක් වාට්ටුවක් පමණක් වන අතර එහි ඇත්තේ ඇදන් 21 ක් බව ද අප වාර්තාකරු පවසයි.

මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව සිටින ගැබිණි මව්වරුන් තිදෙනෙකුට එක් ඇඳක් භාවිත කිරීමට තරම් අවාසනවන්ත තත්ත්වයකයට මව්වරුන්ට මුහුණ දීමට සිදුව තිබේ.

පවතින මේ තත්ත්වය හමුවේ මෙම ගැබිණි මාතාවන් සඳහා සේවය සලසන්නට ඇති රෝහලේ ඇති හෙදියන් ප්‍රමාණය 13 ක් වන අතර ඔවුන්ද මාරුවෙන් මාරුවට සිය සේවා මුරවල නියලෙමින් සේවය සැලසුවත් එය ප්‍රමාණවත් නොවන බව මව්වරුන් පවසයි.

සෑම කාන්තාවකගේම ඒකායන අරමුණ වන්නේ නිරෝගිමත්, බුද්ධිමත් දරුවකු මෙලොවට බිහි කිරීමය එහෙත් මෙම තත්ත්වය මත එය සිදුකර ගැනීමට ගැටළුවක් ඇති බව මව්වරුන් සඳහන් කරයි.

දරුවන් බිහිකිරීමට ආසන්න මව්වරුන්, සිසේරියන් සැත්කම් මඟින් දරුවන් බිහිකළ මව්වරුන් මෙන්ම දරුවන් බිහි කරපු මව්වරුන් ද මෙලෙස එකම ඇදක සිටිනු දැකීම සැබවින්ම දුක්බර දසුනකි.

කඩිනමින් බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු විය යුතු අතර, මෙම මව්වරුවන් විඳින දුක හා ඔවුන් එයින් මුදවා ගන්නා ලෙස අප ද අද දෙරණ වෙනුවෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

*********************************************

පාරට ගිය පිය සෙනෙහස
(05.07.2018 – 16:40 +0530 – sinhala.adaderana.lk)

දෙමව්පියන් දරුවන් දමා යන යුගය දරුවන් දෙමව්පියන් දමා යන යුගයක කතරගම, කඳසුරිදුගම රජමාවතේ ඉන්ධන පිරවුගල ඉදිරිපිට 80 හැවිරිදි පියෙක් දමා ගොස් ඇති පුවතක් අද දෙරණට වාර්තාවිය.

අද (05) උදෑසන 4.00 පමණ මෙම අහිංසක පියා මෙලෙස දමා ගොස් සිටියදී ප්‍රදේශවාසීන් දැක ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

තම පුතා සමඟ ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති අතර පුතා පැමිණෙනතුරු එම ස්ථානයේ රැදී සිටින ලෙසද පුතා විසින් පැවසු බව පියා හැඩු කඳුලින් පවසයි.

දරුවන් සිව්දෙනෙකුට ගොවිතැන් කර තම දැතීන් දරුවන්ගේ කුස පිරවු මෙම පියා පුතා නැවත පැමිණෙනතුරු ඉන්ධන පිරවුම්හල බලා සිටියද තම නම පවා මතකනැති තරමට කල්පනා ශක්තිය අඩු පුද්ගලයෙකි.

ප්‍රදේශවාසීන් විසින් තතරගම රෝහලට සහ කතරගම පොලිස් ස්ථානය දැනුවත් කළද කතරගම රෝහල් බලධාරීන් විසින් මෙම පියාව කතරගම වැඩිහිටි නිවාසයක් වෙත බාර දී තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *