කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV එළියට

(05.07.2018 – 16:02 +0530 – hirunews.lk/sinhala)

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශණ නිකුත් වී තිබෙනවා.

පසුගිය ජුනි මස 12 වනදා රාත්‍රියේදීයි කොබවක ධම්මින්ද නාමියන්ට වෙඩි තැබීම සිදුකර තිබුනේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු කොබවක ධම්මින්ද නාහිමියන් තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

ඒ ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

******************************************

ඇලෝසියස්ගේ සිරමැදිරියෙන් ජංගම දුරකථන සහ සිම් කාඩ් සොයා ගනී
(05.07.2018 – 15:29 +0530 – hirunews.lk/sinhala)

අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති, ජෙෆ්රි ඇලෝසියස්ට සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකු අධිකරණ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කර තිබෙනවා.

ඒ ප්‍රශ්න ගත බැදුම්කර වංචාව පිළිබඳ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

මේ අතර, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නේ 2017 වසරේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අයත් සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියාට ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමෙන් රුපියල් මිලියන 5 ක චෙක්පතක් ලබාදී ඇති බවයි.

මේ අතර, පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ සිරමැදිරිය තුළ තිබී ජංගම දුරකථන 3 ක් සහ සිම් කාඩ්පත් 5 ක් සොයා ගත් බව ද නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් එක් ජංගම දුරකථනයක් ඔහුගේ මෙට්ටය යට තිබී සොයා ගෙන තිබීම ද විශේෂත්වයක්.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස 6 ක කාලයක් සදහා අත්හිටුවීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද සිට මෙලෙස අත්හිටුවන බවයි මහබැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *