කළු කොටි සැමරුම ගැන ජනතාව දැනුවත් කරන්න එල්.ටී.ටී.ඊ ලාංජනය සහිත සිතුවමක්

(05.07.2018 – 16:57 +0530 – sinhala.adaderana.lk)

කළුකොටි සැමරීම සිදුකිරීමට එක්වන ලෙසට ආරාධනා කරමින් කළු කොටි දිනය සම්බන්ධයෙන් කිලිනොච්චිය අක්කරායන්කුලම ජනතාව දැනුවත් කිරීමේ සිතුවමක් අක්කරායන්කුලම මාර්ගයේ අද (05) උදැසන ඇද තිබු බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.

කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් පරව දේශයේ ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර එල්.ටී.ටී.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් එලෙස ඇඳ තිබු බවද කිලිනොච්චිය ආරක්ෂක අංශ සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ජූලි 5 වැනිදා කළු කොටි දිනය ලෙස නම් කර තිබූ අතර එම දිනය සිහි කරමින් කිසියම් පිරිසක් මෙලෙස මාර්ගයේ හා විවිධ ස්ථානයන් හී තාප්ප මත සිතුවම් ඇඳ ඇති බවද පවසති.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පළමු කළු කොටියා වන වල්ලිපුරම් වසන්තන් නමැත්තා 1987 ජූලි 05 වැනිදා යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් එල්ල කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කොට යුද හමුදා සාමාජිකයින් 39 දෙනෙකු ජිවිතක්ෂයට පත් කිරීම එල්.ටී.ටී.ඊ පළමු කළු කොඩි ප්‍රහාරය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය සිහි කරති.

වල්ලිපුරම් වසන්තන් ජිවිතක්ෂයට පත්වු දිනය කළු කොටි දිනය ලෙසට එවක එල්.ටී.ටී.ඊ සංවිධානය සමරනු ලැබීය.

අක්කරායන්කුලම ප්‍රදේශයේ අදාළ සිතුවම සිතුවම්ගත කළේ කවුරුද යන්න සොයා අක්කරායන්කුලම පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.

++++++++++++++++++++++++++++++++

විජයකලාගේ ප‍්‍රකාශයෙන් පසු උතුර ඇවිලේ… කලු කොටි සැමරුමක් ප්‍රසිද්ධියේ..
(05.07.2018 – 22:55 +0530 – lankacnews.com)

යාපනය වැල්වටිතුරෙයි ප්‍රදේශයේදී ස්ථාන දෙකකදී අද (05) ත්‍රීකුණාමලයෙන් පැමිණි හිටපු කොටි සාමාජිකයින් පිරිසක් විසින් කලු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබූ බවට වැල්වැටිතුරෙයි පොලීසිය කියා සිටියේය.

ත්‍රීකුණාමලයේ ක්‍රියාත්මක පුනරුත්තාපනය වූ දෙමළ විමුක්ති පක්ෂයේ කන්දසාමි ඉන්දරාසා නැමත්තාගේ ප්‍රධානත්වයෙන් යුත් පිරික් විසින් වැල්වැටිතුරෙයි කුමරප්පා ස්මාර්කය අසල හා එම ස්මාර්කය අසල පිහිටි බස්නැවතුම්පල ඉදිරිපිටදී අද සවස මෙම පහන් දැල්වීම සිදු වී ඇත.

පුනරුත්තාපනය වූ දෙමළ විමුක්ති පක්ෂය නමින් බැනරයක ලියා මිය ගිය කලු කොටි සාමාජිකයින්ගේ ඡායාරූපද සමග කලු කොටි සාමාජික මිල්ලර් නැමත්තාගේ මරණය සිහිකරමින් මෙම සැමරුම සිදු කොට ඇත.

1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්දය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.

කලු කොටි සැමරුම යනු කුමක්ද ?

1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්දය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.

යාපනය නෙල්ලියඩි මහාවිද්‍යාලයේ එවකට තිබූ යුද හමුදා කඳවුර කොටි සංවිධානයට මහත් හිස රදයක් විය මේ හේතුවෙන් අදාල කඳවුරට දැවන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි සංවිධනය සැලසුම් කළ අතර එහිදී ජල බවුසරයකට හැකි තාක් පුපුරණද්‍රව්‍ය සවි කොට නෙලිල්යඩි යුද හමුදා කඳවුරේ පිවිසුම් දොරටුවට කඩා වැදී පුපුරවා හරිනු ලබන්නේ මේ මිල්ලර් නැමති කලු කොටි සාමාජිකයාගේ ප්‍රධානත්වයෙනි අදාල පිපිරීමත් සමග පිටුපසින් පැමිණි කොටි සාමාජිකයින් විසින් අදාල යුද හමුදා කඳවුරට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් කඳවුර අතපත් කරගත් අතර එහිදී මිල්ලර්ගේ මරණයෙන් පසුව ඔහු කලු කොටි සංවිධානයේ මිය ගිය පළමු සාමාජිකයා වශයෙන් කොටි සංවිධානය හඳුන්වනු ලැබූ අතර ඔහු කැප්ටන් දක්වා උසස් කිරීමටද කොටි නායක ප්‍රභාකරන් පියවර ගෙන තිබුණි.

එමෙන්ම කලු කොටි සංවිධානයේ ලාංචනයේද ඇත්තේ මිය ගිය මිල්ලර් නැමත්තගේ රුවය මේ හේතුවෙන් 1987 වසරේ සිට 2009 වසර දක්වාම කල් කොටි සාමාජිකයින් ඇතුලු කොටි සංවිධානය සෑම වසරකම ජුලි මස 05 වනදා කලු කොටි දිනය වශයෙන් හඳුන්වා මිය ගිය මිල්ලර් සිහිකිරීම සිදු කරනු ලැබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

යාපනයේදී සරසවි සිසුනුත් කලු කොටි දිනය මහ ඉහලින් සමරති…
(06.07.2018 – 12:40 +0530 – lankacnews.com)

ජුලි 05 වනදාට යෙදී ඇතැයි සැලකෙන කලු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින්ද ඊයේ (05) රාත්‍රියේ කලු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබූණි.

යාපනය විශ්වවිද්‍යාලයේ යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය අසලදී සිසුන් පිරිසක් විසින් රහසිගතව ඊයේ සවස සහ රාත්‍රියේ සරසවියේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේදී මෙම කලු කොටි දින සැමරුම සමරා ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්දය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************************************

යුද හමුදාව දුර්වල කරන චක‍්‍රලේඛ තුනක් ගැන ජයන්ත කියයි
(05.07.2018 – 22:13 +0530 – sinhala.adaderana.lk)

ශ‍්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් දුර්වලකර, දුර්මුඛ කෙරෙන චක‍්‍රලේඛ තුනක් නිකුත්ව ඇති බවත් ඒවා මඟින් ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදයක් පැරදවීමට නායකත්වය දුන් යුද විරුවන් රැසක් විශ‍්‍රාම ගැන්වෙනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ අනාවරණය කර සිටියි.

අද (05) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය :

‘‘මීට සති දෙකකට ඉහතදී අපි ඔබට අනාවරණය කර සිටියා ශ‍්‍රී ලංකා යුද හමුදාව සියයට 25 කින් කප්පාදු කිරීමට යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී නිකුත් කළ නියෝගය පිළිබඳව. එමඟින් යුද හමුදාවේ බල ඇණි 33 ක්, නිලධාරී තනතුරු 938 ක් හා සෙසු නිලයන් 23,266 ක් කප්පාදු කිරීමට නියෝග කර තිබුණා.

ඉහත කී බලඇණි 33 කප්පාදු කිරීමේදී ඒවාට අයත් කඳවුරු 100 කට ආසන්න ප‍්‍රමාණයක් ඉබේම ඉවත් කිරීමට සිදු වෙනවා. ඒ අනුව උතුරේ යුද උපායිකව ඉතා වැදගත් කඳවුරු 100 ක් ඉවත් කෙරෙනවා.

එම නියෝගය සේම යුද හමුදාව පරිපාලනමය ක‍්‍රමවේද ඔස්සේ දුර්වල කෙරෙන තවත් යුද හමුදා චක‍්‍රලේඛ තුනක් පිළිබඳවයි අද අප රට හමුවේ තබන්නේ. 2016 ජුනි 29 වැනිදා යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් එන්. ජේ. වල්ගම විසින් නිකුත් කොට ඇති ‘නිවාඩු නොලබා නොපැමිණි නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීම’ යන චක‍්‍රලේඛය ඒ අතර වන පළමුවැන්නයි.

මෙහිදී තමන්ට හිමි නිවාඩු අවසන්ව ගොස් දින 14 ඉක්මවා නිවාඩු ගන්නා නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීමට නියෝග කර තිබෙනවා. යුද සමයේත්, මේ චක‍්‍රලේඛය නිකුත් කිරීමට පෙරත් සිදු වූයේ ‘නිවාඩු නොලබා නොපැමිණි නිලධාරීන්’ පොදු සමා කාලයක් ලබා දී ගෙන්වා ගෙන වෙනත් දඩුවම්වලට ලක් කර නැවත සක‍්‍රිය හමුදා සේවයට එක්කර ගැනීමයි.

නමුත් දැන් සේවයෙන් විශ‍්‍රාම ගැන්වීමට පියවර ගැනෙනවා. මේ යටතේ විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරින් 100 කට ආසන්න පිරිසක් විශ‍්‍රාම ගැන්වීමට නියමිත බව ඒ මහතා පෙන්වා දෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *