සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට හදවත් ඇත්තවුන් රැසකගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය

(05.07.2018 – 19:59 +0530 – hirunews.lk/sinhala)

සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට කදිම ආදර්ශයක් සපයමින් 59 හැවරදී සිය රෝගී පුතු රැක බලාගන්න 89 හැවිරිදි පියෙකු පිළිබද පුවතක් අපි පසුගියදා වාර්තා කළා.

පොළොන්නරුව සුසිරිගම ගම්මානයෙන් වාර්තා වූ එමහිරු පුවතට ප්‍රතිචාර දැක්වීමට සංවේදී හදවත් ඇත්තවුන් රැසකගෙන් යහපත් ප්‍රතිචාර හිමිවීම සතුටට කරුණක්.

පොලොන්නරුව සෙවනගල සුසිරිගම පදිංචි රණවීරගේ ගුණපාල දරුවන් 4 දෙනෙකුගේ පියෙක්.

සිය බිරිදත් නොමැතිව ජීවිතයේ සැදෑ සමය ගෙවන ගුණපාලගේ හිස මත හදිසියේ සිය වැඩිමහල් පුතුගේ වගකීම පැටවෙන්නේ ඔහුට සිදුවූ රිය අනතුරක් හේතුවෙන්.

ගතින් වියපත් වුවද උතුරා ගිය පිය සෙනෙහස මේ පියාණන්ට දිවා රෑ නොබලා තම පුත්‍රයා රැක බලා ගන්නට ශක්තිය ලබාදී තිබෙන ආකාරය අප පසුගියදා පියවරුන්ගේ දිනයේදී රටට හෙලිකලා.

එම පුවත දුටු සංවේදී හදවත් ඇත්තවුන් බොහෝ දෙනෙක් ඊට පසුදිනම මේ අපුරු පිය පුතු දෙපලට උදවු කිරීමට ඉදිරිපත් වෙන්නේ තවමත් මිනිසුන්ගේ හදවත් වල මනුසත් කමේ ගුණ සුවද ඉතිරිව ඇති බව ලොවටම කියාපාමින්.

ඒ අනුව සිවිල් ආරක්ෂක බලකායේද උදවු ඇතිව ධානපතින් කිහිප දෙනෙකුගේම පරිත්‍යාගයෙන් මේ කුඩා නිවසට ජලයත් විදුලියත් ලබාදීම ඔවුන්ගේ අපිරිමිත සතුටට හේතුවක්.

එපමණක් නොව මේ පිය පුතු දෙපලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, වියලි ආහාර සහ මුදල්මය ආධාර කරන්නත් බොහෝ දෙනෙකු ඉදිරිපත් වී තිබීම සතුටට කරුණක්.

*******************************************

පාසල් දරුවන් සිව්දෙනෙකු අනතුරට ලක්කළ මාරක රිය අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
(05.07.2018 – 18:06 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය නගරයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසැල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ මේ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර, අනතුර සිදුවන අකාරය අසල තිබු වෙළදසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් :

******************************************

වාහන හිමියන් සහ විදෙස්ගතවන අය ආදායම් බදු ගෙවිය යුතුයි
(06.07.2018 – 06:00 +0530 – sinhala.adaderana.lk)

වාහනයක් නඩත්තු කළ හැකි මෙන්ම විදේශ සංචාරවල නියලෙන සෑම පුද්ගලයෙක්ම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

බදු ගෙවිවය යුතු වාහනයක් නඩත්තු කරන හැම පුද්ගලයෙක්ම සාමාන්‍යෙයන් බදු ගෙවිය යුතු ආදායමක් ඇති අයෙක් බව හැදින් විය හැකි බව ඔහු පවසයි.

මේ අතර ලංකාවේ බෝහෝ පිරිසක් හැම නිවාඩුවකදී විදේශගත වන බවත් එලෙස විදේශගතවන පිරිසද බදු බදු ගෙවිය යුතු පිරිසක් ලෙසද හදුන් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *