විද්‍යා දැරිය දුෂණය කල ස්විස් කුමාර් බේරන්න යද්දී විජයකලාට ආතතිය හැදී නෑ.. – නඩු වාර්තාවෙන් හෙලිවේ..

(06.07.2018 – 03:26 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය :

අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිතුමන් කියනවා විජයකලා මහේෂ්වරන් මැතිණියට ආතතියක් ඇතිවු නිසා මේ ප්‍රකාශය කළා කියලා. හැමෝම අධ්‍යාපන ඇමතිතුමන්ව විවේචනය කලේ එතුමන්ට අධ්‍යාපන කටයුතු පිළිබද එතරම්ම දැනුමක් නැති බව පවසමින්. එතුමන්ට අධ්‍යපනය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නැතත් නාරිරෝග සම්බන්ධයෙන්නම් කිසියම් විශේෂඥ තාවයක් තියෙනබව නම් පේනවා. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමන් එවැනි කතාවක් කිව්වනම් පුදුමයක් නෑ. මොකද එතුමන්ට නම් නාරි රෝග පිළිබද විශේෂඥ දැනුමක් ඇතිබව එතුමන්ගේ ප්‍රකාශ වලින් – ක්‍රියා වලින් පේන්න තියෙනවා.

ඒ නිසා අපි අකිල විරාජ් කාරියවසම් අමාත්‍යතුමන්ට කියනවා මුලු රටටම ආතිය දනවන මේ ප්‍රකාශය පොල්කට්ටෙන් වහන්නනම් ලෑස්තිවෙන්න එපා කියලා.

විජයකලා මහත්මියට පාසල් යන දෙමළ දරුවන් පැහැර ගෙන ගොස් බෙල්ලේ සයිනයිඩ් එල්ලන කොට ආතතිය හැදුනේ නැද්ද? කොටින්ට එරෙහි වුණා කියලා දරුවන් හත් දෙනෙකුගේ අම්මායි තාත්තායි මරා දාලා දරුවන් අනාථ කලාම ඔබට ආතතිය හැදුනේ නැද්ද? ගෝමරංකඩවල අහිංසක පාසල් දරුවන් කපා කොටා මරා දාන කොට ඔබට ආතතිය හැදුනේ නැද්ද? ගෝනවල ගම්මානයේ මවක් දරුවාට කිරි දෙමින් ඉන්න කොට දරුවා උදුරලා අරගෙන ඔළුව චප්ප වෙන්න පොල් ගහේ ගහන කොට ඔබට ආතතිය හැදුනේ නැද්ද? මරදාන බෝම්බයෙන් මල් කැකුළු වගේ ගෝතමි දියණියන් කෑලි කෑලි වලට ඉරී යන කොට ඔබට ආතතිය හැදුනේ නැද්ද? විජයකලාට ආතතිය හැදෙන්නේ කොටි ඕනි කියලා හිතෙන කොට විතරක් ද? කියන එක අපි විජයකලා මහත්මියගෙන් මෙන්ම විජයකලා ආරක්ෂා කිරීමේ කලාවේ යෙදී සිටින අධ්‍යාපන ඇමතිතුමන් ඇතුලු පිරිසගෙන් අපි අහනවා.

මීට ටික කලකට පෙර විජයකලා වහා අත්අඩංගුවට ගනු කියලා යාපනය පුරා පෝස්ටර් ඇලවුයේ අපි නෙවෙයි. ඒ එදා විද්‍යා ඝාතනයෙන් දැඩි ලෙස කම්පනයට පත් යාපනයේ ජනතාවයි. විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය සහ එදා විද්‍යා ඝාතන සැකකරුවන්ට වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ රුව සහිත එම පෝස්ටර් වල සදහන් කොට තිබුනේ විද්‍යා දැරියගෙ ඝාතකයින් රැක ගැනීමට උපකාර කල ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වු එම විද්‍යා ඝාතන නඩු විභාගයේදී , එම නඩුවේ ප්‍රධාන වගඋත්තරකරු වන ස්විස් කුමාර් හෙවත් මහාලිංගම් සෂීකුමාර් ‘‘මාව බේරාගත්තේ විජයකලා මැඩම්’’ යැයි ප්‍රකාශ කල බව මෙරට මාධ්‍ය ගනනාවක් වාර්ථාකලා.

විජයකලා රාජ්‍ය අමාත්‍යවරියට විද්‍යා ඝාතනයට සම්බන්ධ අපරාධ කරුවන්ට ආරක්ෂාව සැලසීමේදී ඇයට ආතිතයක් කම්පනයක් දැනුනේ නැද්ද?

මේ ප‍්‍රශ්නයේදී පොලිස්පති තුමා නම් ඉන්නේ අගමැතිටයි ජනාධිපතිටයි ඉදිරියෙන්. එතුමා කියලා තිබුණා අපි ඉදිරිපත් කරපු පැමිණිලි විභාග කරන්න අපරාධ කොට්ඨාශය වෙත යොමු කළා කියලා. මේක බෝලේ පාස් කිරිල්ලක් වෙන්න බැහැ. විජයකලාට විරුද්ධව තියන්නේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 114, 115, වගන්තීන් යටතේ වූ වැරදි. ශ‍්‍රී ලංකා ජනරජයට විරුද්ධව යුද්ධ කිරීම හෝ යුද්ධ කිරීමට තැත් කිරීම හෝ යුද්ධ කිරීමට අනුබල දීම, රාජ්‍ය විරෝධී වැරදි කිරීමට කුමන්ත‍්‍රණය කිරීම යන සාවද්‍ය ක‍්‍රියාවන් සහ 2006 අංක 57 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යාන්තර ප‍්‍රඥප්ති පනත යටතේ වූ වැරදි ඇය විසින් සිදු කළ බවයි අපගේ පැමිණිල්ල. අපි ඉදිරිපත් කරපු පැමිණිල්ල ඉතාම වෘත්තීය මට්ටමින් අපි ඉදිරිපත් කොට තිබෙනවා. එකී පැමිණිල්ලේ අදාළ ප‍්‍රකාශය, එහි සිංහල අනුවාදය, එය විකාශනය වූ හිරු හා දෙරණ රූපවාහිනි නාලිකා වල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයන් හා එය වාර්ථා කරන ලද ලංකාදීප හා මව්බිම පුවත්පත් වල අදාළ වාර්ථාවාන් ඇමණුම් ලෙස ඉදිරිපත් කොට තිබෙනවා.

අපරාධ නඩු විභාග සංග‍්‍රහයේ පළවන උපලේඛණයට අනුව මෙම වරදවල් පොලීසියට වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගත හැකි, අධිකරණයට කරුණු වාර්ථා කළ පසුව පළමු අවස්ථාවේම වරෙන්තුවක් නිකුත් කළ හැකි, සමථ කළ නොහැකි හා අප දිය නොහැකි වරදවල් වේ. ඒ අනුව පොලිස්පතිතුමා මේ බලපතල චෝදනාවන් ඉදිරියේ නොනැමී කොන්ද කෙලින් තියාගෙන විසදනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එසේ නොමැති වුව හොත් එතුමාගේ උපහැරණයට අනුවම එතුමා අසූචි වලකට වැටුණු අසූචි නාගත් පුද්ගලයෙකු බවට ඉතිහාසය හදුන්වාදෙනු නොඅනුමානයි.

එල්.ටී.ටීය තාත්තා වගේ ඉන්න කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියනවා ඇමති මේ විජයකලාගේ ප‍්‍රකාශයත් මල්වතු පාර්ශවයේ අනු නායක වෙඩුරුවේ උපාලි මා හිමියන්ගේ ප‍්‍රකාශයත් එක වගේ කියලා. මල්වතු පාර්ශවයේ අනු නායක හිමියන් තමන් සිදු කරන ලද ප‍්‍රකාශය පිළිබදව කරුණු පැහැදිළි කරමින් නිවේදනයක් ප‍්‍රසිද්ධියට පත් කළා. එසේ වී තිබියදී විජයකලා ඇමතිනියගේ කොටි පුල්ලි වහන්න මල්වතු අනුනායක හිමියන්ගේ ප‍්‍රකාශය යොදා ගැනීම අපි තරයේ හෙලා දකිනවා. ඇමති රාජිත ඒ විධියට ප‍්‍රකාශයක් නොකලා නම් තමයි පුදුමය. ඔහුට අනුව මීනි මරු එල්ටීටී ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ දරුවෝ, එහෙමනම් එල්ටීටී ත‍්‍රස්තවාදීන් යළි උපද්දන්න ඕනෑය කියලා ඇමති විජයකලාලා එල්ටීටී යේ මව්වරු එල්ටීටී උප්පත්තියට බලෙන් පිය පදවිය දුන්නු ඇමති රාජිතත් එල්ටීටීය යළි උපද්දන්න හදන විජයකලාත්, ඊට වින්නඹුකම් කරන මේ ආණ්ඩුවේ ඇතැම් අයගේ ක‍්‍රියාකාරකම් හමුවේත්, ලාදුරු රෝගියෙක් මෙන් හැගීම් දැනීම් නොමැති ලෙස නොසිටින මෙන් අපි ජනාධිපතිතුමාට අනතුරු අගවනවා. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තුරු නොසිටින්නයි අපි මේ ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුවේ ඉන්න එල්ටීටී කාරයන්ගෙන් කැබිනෙට්ටුව බේරා ගන්න. නොඑසේනම් එල්ටීටිය රට අල්ලා ගන්න පෙර කැබිනට්ටුව අල්ලා ගනීවි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහේෂ්වරන්ගේ ඝාතනයට එල්ටීටීයට චෝදනා එල්ල වුණා. එසේ තිබියදී ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්ටීටීයට සුදු හුණු ගානවා. මහේෂ්වරන් මන්ත‍්‍රීතුමාගේ මරණයෙන් පසු විශාල වත්කම් හා දේපල ප‍්‍රමාණයකට උරුමකාරියක් වුණු විජයකලා මහේෂ්වරන් ඇමතිතුමියගේ වත්මන් ක‍්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන විට ඇය එල්ටීටීය සමග එම ඝාතනයට සම්බන්ධ දැයි අපට සැකයක් මතු වෙනවා. මේ සියල්ල ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Did Mehshawaran make his money through LTTE business? This woman’s statement was LTTE biassed and should be investigated. Even though it is restrospective, we can now understand why this woman tried to spring out Swiss Kumar as he was also an LTTE fund raiser, and so for political reasons she was prepared to side with a down right criminal and rapist at a critical time of the investigation of Vidya’s murderers. The woman MP must be arrested and charged for sedition aganst the state.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *