කොළඹ-05 ට සහ කෝට්ටේ මහනගර සභා බලප්‍රදේශයට හෙට (07) පැය 9 ක් ජලය අත්හිටුවයි

(06.07.2018 – 11:10 +0530 – hirunews.lk/sinhala)

හෙට (07) පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ-05 ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ හදිසි හා අත්‍යාවශ්‍ය ජල – නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව, එම කාලය තුළදී කොළඹ-04, කොළඹ-06, කොළඹ-07, කොළඹ-08, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා ෴

+++++++++++++++++++++++++++++++

සඳුදා (09) ත්‍රිකුණාමලයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
(06.07.2018 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ලබන 09 වන දා සඳුදා පෙරවරු 8 සිට අඟහරුවාදා පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මොල්ලිපොතාන – තඹලගමුව පැරණි නල මාර්ගයේ ජල කාන්දුවක් හේතුවෙන් නව නල මාර්ගයක් ස්ථාපිත කිරීම සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එමගින් නිවේදනය කළේ.

ඒ අනුව, තඹලගමුව , ත්‍රිකුණමලය නගරය, කින්නියා සහ කුච්චවේලි බල ප්‍රදේශයේ එක් කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

*****************************************

ධාවන බලපත්‍රයක් නිකුත් කරන්න අල්ලස් ගත්ත කළමනාකරුවෙකුට ලැබුණු දඬුවම
(06.07.2018 – 12:42 +0530 – sinhala.adaderana.lk)

‍ධාවන බලපත්‍රයක් ලබාදීම සඳහා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 08 කට වරදකරුවූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු ධාවන කළමනාකරුවෙකුට වසර 40 ක සිර දඩුවම් නියම කර තිබේ.

එම දඩුවම වසර 05 කින් ගෙවී යන පරිදි ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කල බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සදහන් කළේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක් සහ ඔහු අල්ලස් ලෙස ලබා ගත් රුපියල් 10,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.

එමෙන්ම බස්රථ හිමිකරුට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර ඇති බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සදහන් කළේය.

2015 වසරේදී සිදුවූ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් එම දඩුවම නියම කර තිබිණි ෴

*******************************************

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ මුල් වරට Artificial Intelligence යොදා ගත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවයි
(04.07.2018 – biz.adaderana.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *