පෑලියගොඩදී පුපුරා ගිය කන්ටේනර් රථයේ වීඩියෝව මෙන්න

(06.07.2018 – 17:17 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ ප්‍රදේශයේදී ඇමෝනියා වායු අඩංගු සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක හදිසි පිපිරීමක් සිදුව තිබෙනවා.

කොළඹ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

********************************************

දරුවා රෝහලේ සිටියදී මත්කුඩු භාවිත කළ මවකට ගාල්ල අධිකරණයෙන් දඩ
(06.07.2018 – 16:55 +0530 – hirunews.lk/sinhala)

මාස 6 ක් වයසැති සිය දරුවා කරාපිටි ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහල් වැසිකිලියක් තුළට වී හෙරොයින් පානය කරමින් සිටි කාන්තාවකට ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්, අද තරයේ අවවාද කර, රුපියල් 5000 ක දඩයක් නියම කළා.

මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර අදාළ දරුවාට නිව්මෝනියා රෝගය වැලදීම නිසා කොළඹ ජාතික රෝහලේ සිට කරාපිටිය ළදරු දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබෙනවා.

එහි මාතෘ නේවාසිකාගාරයේ මෙම මව නතර වී ඇති අතර, ඇයගේ හැසිරීම් රටාව පිළිබද සැක සිතී වෙනත් මව්වරුන් කිහිප දෙනෙකු රෝහල් බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුවයි මෙම කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

26 හැවිරිදි ඇය බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *