ගෝඨාභයට බියවී නීතිය අවනීතිය කරයි.. ගෝඨාභය දඩයමට නීතිය නමන හැටි මෙන්න..

(06.07.2018 – 14:10 +0530 – lankacnews.com)

වත්මන් රජය තම දේශපාලන ප්‍රතිවාදියෙකු ලෙස දකින ගෝඨාභය රාජපක්ෂ මහතාට හිරිහැර කිරීම සදහා නීතිය අවභාවිතා කිරිමේ උත්සාහයක නිරත වන බව දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැදවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා මහතා මාධ්‍ය හමුවකදී චෝදනා කලේය.

‘‘අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබුනා අවන්ගාඩ් සමාගම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් නඩුවක් මහෙස්ත්‍රාත් අධිකරණයේ අසනවාට.

මොකද්ද මේ සිද්දිය ? අල්ලස් කොමිසමේ නිසි අවසරයකින් තොරව එහි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරන්නට උත්සහා කලා. නමුත් අභියාචනාධිකරණය තීරණය ක‍ර තිබෙනවා ඇය ක්‍රියාකොට තිබින්නේ නීතියට පිටින් ගොස් කියා.

මීට කලකට පෙරත් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මෙවැනි අභියාචනාධිකරණ නඩු තීන්දුවක් අපි දුටුවා. ඒ ඩී ඒ රාජපක්ෂ අනුස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කොට අත් අඩංගුවට ගන්නට පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය උත්සහ කලා . නමුත් අභියාචනාධිකරණය තීරණය කලා ඔවුන් කියන සිද්ධිය කිසිසේත්ම පොදු දේපල පනත යටතට වැටෙන්නේ නැහැ කියා.

මේ සිද්ධීන් දෙක සහ තවත් බොහෝ උදාහරණ තිබෙනවා පෙන්වන්නට රජය තම දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනකිරීම වෙනුවෙන් රටේ නීතිය අවභාවිතය කරන්නට උත්සාහ කිරීම පිලිබදව. වාසනාවකට මෙන් මේ අවස්ථා දෙකේදී අප දුටුවා අධිකරණයේ සාධාරණ වීම නිසා ආණ්ඩුවේ උත්සහය ව්‍යර්ථ වෙනවා. නමුත් මේ දුර්දාන්ත ආණ්ඩුව මෙයින් නතර වෙන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම මෙවැනි උත්සාහ වල නිරත වෙනවා ඇති. ඒ නිසා රටේ ජනතාව රජයේ මේ ක්‍රියා පටිපාටිය ගැන දැනුවත් විය යුතුයි. මේ දැන් ජනතාවට කාලය පැමිණ තිබෙනවා”

– චමින්ද කරුණාරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *