‘‘පොදුජන රළ’’ සමග පොහොට්ටුව රට වටා…

(07.07.2018 – 06:28 +0530 – lankacnews.com)

ආණ්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ලෙස කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනාගැනීම සහ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ආසන මට්ටමින් දැවැන්ත සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් සිටී.

‘‘පොදුජන රළ’’ ලෙස නම් කර ඇති මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආණ්ඩු විරෝධයේ ජාතික හටන යන තේමාව යටතේ රටපුරා පැවැත්වීමට නියමිතයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවන මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු අදියර ජූලි මස 14, 15, 21, 22, 28 සහ 29 යන දිනවල දී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.

දැනට නිල කාලය අවසන් වී ඇති උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභා බලප‍්‍රදේශ 03 ටත් එළැඹෙන ඔක්තෝම්බර් මාසයෙදී නිල කාලය අවසන් වීමට නියමිත වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත් සභා 03 ටත්, ප‍්‍රමුඛතාව ලබාදෙමින් පොදුජන රළ සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වේ.

ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, පවිත‍්‍රා දේවිවන්නිආරච්චි, ප‍්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් මෙම ජනහමුවල කථිකයන් ලෙස සහභාගී වීමට නියමිතය.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

*********************************************

‍පිටකොටුව කෙළින් වීදියේ වෙළඳ සලක හටගත් හදිසි ගින්න මැඩපවත්වයි
(07.07.2018 – 12:30 +0530 – sinhala.adaderana.lk)

‍පිටකොටුව කෙළින් වීදියේ වෙළඳ සලක හටගත් හදිසි ගින්න මැඩපවත්වයි

අද (07) පෙරවරු 10.15ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගින්න හට ගැනිමත් සමඟ එය අසල පිහිටි තවත් වෙළඳසැලකට පැතිර ගොස් තිබේ.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය නාවික හමුදාව සහ පොලිසිය එක්ව ගින්න මැඩපත්විමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ගින්න මැඩපැවැත්විම සඳහා ගිනි නිවන ඒකකය විසින් ගිනි නිවන රථ 05ක් එම ස්ථානයට යොදවා තිබේ.

ගින්න හේතුවෙන් කිසිඳු ජිවිත හෝ දේපල හානියක් සිදු නොමැති බව සඳහන්ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *