හෙට්ටිවීථියේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

(09.07.2018 – 08:39 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව – හෙට්ටිවීථිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු මියගොස් ඇති බවයි.

හෙට්ටිවීථිය ප්‍රදේශයේ පළතුරු අලෙවිසැළක් මොහු විසින් පවත්වාගෙන යන අතර, අද (09) උදෑසන 7.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකොට පලා ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 ක් වයසැති කිරුබානන්දන් ක්‍රිෂ්ණපිල්ලේ නැමැත්තෙකු බවයි.

මේ අතර වෙරළබඩ පොලිස් වසමේ – ජම්පටා වීථිය – සෙල්විගේ වත්ත ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *