දැඩි සුළඟ සමග උණ ගසක් බස් රථයක් පසාරු කරගෙන ඇතුළු වෙයි

(09.07.2018 – nethnews.lk)

අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් තුළට ප්‍රධාන මාර්ගය අසළ තිබූ උණ පඳුරක උණ ගසක් බස් රථයේ ඉදිරිපස කොටස පසාරු කරගෙන බස් රථය තුළට ඇතුල් වීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

නෝටන්බ්‍රිජ් සිට මස්කෙලිය දක්වා ධාවනය වු බස් රථයක් මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ පා තිබෙනවා.

අද (09) උදැසන 06:00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නොටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ඇඩිස් ප්‍රදේශයේදී.

ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්ත්වයත් සමග ප්‍රධාන මාර්ගයේ අභියස තිබු උණ පදුරක ගසක් මෙලෙස ප්‍රධාන මාර්ගය දෙසට නැමී ඇති අතර ධාවනය වෙමින් තිබු බස් රථයේ නාම පුවරුව පසාරු කර රියදුරු අසුනට ඉහලින් බස් රථයේ රියදුරු ආසනය පසුපස තිබු විදුරුවටද හානි කරමින් බස් රථයේ දකුණු පස ආසන දෙකක්ද පසාරු කරමින් උන ගස බස් රථය තුළට කඩා වැදී තිබෙනවා.

මෙම අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ රියදුරා සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති අතර, අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.




********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *