සිසුවාට පහර දුන් විදුහල්පතිට සිරදඬුවම්

(09.07.2018 – 15:27 +0530 – lankadeepa.lk)

අතින් පයින් පහරදීමෙන් ශිෂ්‍යයකු කෘරත්වයට පත්කිරිමේ චෝදනාවකට වරදකරුවකු වු පොල්පිතිගම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (09) දින වසර තුනක (03) බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළාය.

මෙසේ සිරදඬුවම් නියමවුයේ මොරගොල්ලාගම පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන වාසල රාජකරුණෘ මුදියන්සේලාගේ ජයවර්ධන බණ්ඩා (60) නැමැති අයටය.

ඔහු වසර 38 ක දිර්ඝ සේවා කාලයක් සපිරූ පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.

මෙම සිරදඬුවවමට අමතරව රුපියල් දසදහසක දඩුයක් ද ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය අගතියට පත් ශිෂ්‍යයාව රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ද විත්තකරුට නියම කළාය ෴

*****************************************

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට
(09.07.2018 – 21:00 +0530 – lankadeepa.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ජිප් රථයක් පෙරලීයාමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් හා පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ නැටුම් උපදේශිකාවක් ලෙස රැකියාව කරන නදිරා චන්ද්‍රමාලි නැමැති 45 හැවිරිදි කාන්තාවකි.

මිද්දෙනිය ප්‍රදේශයේ මල ගෙදරකට සහභාගි වී යලි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ජිප් රථය ලිස්සා ගොස් ආරක්ෂක වැටෙහි වැදී පෙරලීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසියි කියයි.

++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *