යාපනේ කොටුවෙන් පමණක් නොව යාපනයෙන්ම හමුදාව ඉවත්වනු.. යාපනේ විරෝධතා..

(09.07.2018 – 16:40 +0530 – lankacnews.com)

යපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරණ ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුදහමුදාව ඉවත් වියයුතු බවත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ.

පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ කඳවුරු ස්ථාපිත කර සිටින යුද හමුදාවට යඑම කඳවුරු ඉවත්කර ගන්නා ලෙසින් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ම විරෝධතා දැක්වීඹ නිසාවෙන් යාපනයේ ආරක්සක අංශ විසින් අදාල කඳවුරු ඉවත්කොට යාපනය කොටුවේ කඳවුරු ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා මෙතෙක් රජයෙන් අවසරය ලැබී නොමැති අතරම පසුගිය දිනක උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතාද සඳහන් කොට සිටියේ යාපනය කොටුව යුද හමුදා කඳවුරට ගැලපෙන ස්ථානයක් බවටය.

නමුත් යාපනය කොටුව යුද හමුදාවට ලබා නොදිය යුතු බවටත් යුද හමුදාව යාපනය දිස්ත්‍රීක්කයෙන්ම ඉවත්විය යුතු බවටත් පවසමින් සමස්ථලංකා දෙමළ කොන්ග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් යාපනය කොටුව ඉදිරිපිටදී මෙසේ විරෝධතාවයක නිරතව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***********************************************

උතුර කැළඹූ ආවා කල්ලියේ ප‍්‍රබලයන් 04ක් අත්අඩංගුවට..
(09.07.2018 – 17:30 +0530 – lankacnews.com)

පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභහානි සිදු කල ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

චුන්නාකම් පොලිස් වසමේ පසුගියද එකම රාත්‍රියක නිවාස 3 කට කඩා වැදුනු ආවා කල්ලි සාමාජිකයින් නිවාස දේපල හානි සිදු කොට පලා යාම හා ඊට පෙර දිනයක පුද්ගල පහර දීම් හා දේපල හානි සිදු කරන ලදමෙම ආවා කල්ලි සාමාජිකයින් සම්බන්ධයේන් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කරන ලද හදීසි සෝදිසි මෙහෙයුමකදී සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නාගලිංගම් දයාකරන්, 20 හැවිරිදි පංචලිංගම් කිරුසන්, 22 හැවිරිදි සුදාකරන් තවරූබන් හා 23 හැවිරිදි නඩරාජා මධුෂණ් නැමති අය වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***********************************************

කොටි වෙනුවෙන් විජයකලාගේ කතාවේ නොකියූ ඇත්ත කතාව ගෝඨා කියයි..
(08.07.2018 – 22:37 +0530 – lankacnews.com)

නැවතත් කොටි සංවිධානය ඇති කල යුතු යයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය විසින් උතුරු පළාත තුල ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සිදු කල ආන්දෝලනාත්මක ප‍්‍රකාශයේදී නොකියවුනු දෙයක් ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

යුද්දය අවසන් වූ දින සිට 2014 වසර දක්වාම කිසිදු ආකාරයක කරදරයක් උතුරේ නොතිබූ බව විජයකලා රාජ්‍ය ඇමතිවරිය නොකියූ කතාව බව රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එලිය සංවිධානය විසින් මාතරදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී පිහිටුවන නව රජයක් යටතේ මෙම තත්වයට විසදුම් දෙන බවත් ඒ මහතා එහිදී පැවසීය.

******************************************

ක්‍ෂණික නඩු අසා ගෝඨාභයට ජම්පරය සූදානම්..? දින කිහිපයකින් ඉක්මනින් නඩු අසන අධිකරණයේ පළමු නඩුව ගෝටාටයි..
(09.07.2018 – 22:09 +0530 – lankacnews.com)

කඩිනමින් නඩු අසා දඬුවම් දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ පළමුව විභාග කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහි නඩුවක් බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් පලවෙයි. පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට රජයෙහ් මුදල් අවභාවිත කලේ යයි චෝචනා එල්ල කර ඇති නඩුව මෙහි පලමු නඩුව ලෙස විභාගයට ගැනෙනු ඇතැයිද සදහන්ය.

එමෙන්ම මෙම විශේෂ අධිකරණයේ විභාග කිරීම සදහා රාජපක්ෂ පවුලේ සාමාජිකතයන් සම්බන්ධ නඩු හා තවත් නඩු 10 ක් සූදානම් කර ඇතැයිද එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

මෙම විශේෂ මහාධිකරණ පිහිටුවා ඇත්තේ මහා පරිමාණ අපරාධ නඩු ඉතා ඉක්මනින් සීමාත දිණ ගණනක් තුල විභාග කර දඬුවම් නියම කිරීමටයි ෴

***************************************

09.07.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *