කොටි නිල ඇඳුම් සහ බෝම්බ හමුවේ.. පරණ ඒවා නොවේ..

(11.07.2018 – 12:00 +0530 – lankacnews.com)

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වලදමා තිබූ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක් හා බෝම්බයක් ඊයේ (10) සවස සිදු කරන ලද කැනීමකින් හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

අදාල ස්ථානයේ ඊයේ දින කැනීම් කිරීමට පෙර මුල්ලිවයික්කාල් ගුවන් හමුදා කඳවුරේ සෙබලුන් තිදෙනෙකු මෙම ස්ථානයේදී පසුගිය ජුනි මස 20 වනදා කැනීමක් සිදු කල අතර එහිදී එම ගුවන් හමුදා නිලධාරීන් නීත්‍යානුකූල අවසරයෙකින් තොරව කැනීම සිදු කල නිසාවෙන් අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලීසිය පියවර ගනු ලැබීය.

අනතුරුව අදාල ගුවන් හමුදා නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරට අනුව ඒ බව මුලතිව් පොලීසියට හා මුලතිව් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකින් එම ස්ථානයේ නැවත ඊයේ (10) දින කැනීම් සිදු කරනු ලැබීය.

පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කරන ලද කැනීම් වලදී අඩි 5 ක් පමණ පොළව හෑරීමෙන් පසුව කොටි සංවිධානයේ නිල ඇඳමක් සහ කොටි සංවිධානය විසින් නිශ්පාදිත තමිලන් ගුණ්ඩු නැමති බෝම්බයක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

හමු වූ කොටි නිල ඇඳුම එතරම් කලක් නොමැති බවටද පරික්ෂණ සිදු කල මුලතිව් පොලීසිය සැක පල කර සිටියි.

මීට පෙරද මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් තිබූ කොටි නිලඇඳුම්, කොටි කොඩි හා බෝම්බ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්විණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *