ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීම : මෙහෙම රාජ්‍ය නායකයො අපේ රටට වැඩක් නෑ.. – පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ

(15.07.2018 – 23:08 +0530 – lankacnews.com)

ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉඩ දේ යයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

එසේ ඉඩ දෙන්නේ නම් එවන් රාජ්‍ය නායකයන් මෙරටට අවශ්‍ය නැතැයිද උන් වහන්සේ කියා සිටිති.

ගල්යිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්දයෙන් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

+++++++++++++++++++++++++++++++++

*******************************************

ගෝටා ඒකාධිපතියෙක්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙක් යයි කියන වෙල්ගමට, වාසුට ගෝටාභයගෙන් කණ පැලෙන පිලිතුරක්..
(15.07.2018 – 22:44 +0530 – lankacnews.com)

2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා රටේ පාලනය බාර ගත් පසු ත‍්‍රස්තවාදය හා පාතාලය අවසන් කර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තමන් ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක කල බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා පෙනවා දෙන්නේ රටක් පාලනය විය යුත්තේ නීතිය හා සාමය ඇතිව බවත් ඒවා ආරක්‍ෂා කිරීමට පැවති මහින්ද රාජපක්ෂ පාලනය පියවර ගත් බවත්ය.

මෙරට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති විය යුතු බව තමන් හොද හැටි දන්නා බවත් එහි වටිනාකම තමන් දන්නා බවත් කී ඒ මහතා යුද්දය අවසන් වීමෙන් පසුව උතුරු පලාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකිරීම සදහා වූ සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා ලද්දේ තමන්ගේ අනුදැනුම මත යයිද කියා සිටී.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හලාවතදී පැවති ‘එලිය’ සම්මන්ත්‍රණයක් අමතමිනි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් ඒකාධිපතියෙක්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙන් යයි ඒකාබද්ද විපක්‍ෂයේ ඇතැමුන් විසින් චෝදනා කරද්දී රාජපක්‍ෂ මහතා විසින් මෙම අදහස් පල කිරීම විශේෂයකි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *