අනුරාධපුර මහනගර සභාවේ රුපියල් තුන් කෝටි විසිතුන් ලක්ෂයකට අධික මූල්‍ය වංචා විමර්ශන සී.අයි.ඩී.යට

(22.07.2018 – 16:31 +0530 – lankacnews.com)

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

අදාළ වැටුප් සකසන්නිය විසින් සිදුකළ මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් තුන් කෝටි විසිතුන් ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන සඳහන් කළේ ඊට අදාළ ලේඛන සහ වාර්තා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කර ඇති බවයි ෴

**************************************

විධායක ජනපති ක්‍රමය වෙනස් කිරීම කාලෝචිත නැහැ – අස්ගිරි අනුනාහිමි
(22.07.2018 – 19:10 +0530 – hirunews.lk/sinhala)

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම කාලෝචිත නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උන්වහන්සේ බැහැදැකීමට ඊයේ (21) එහි ගිය අවස්ථාවේ අස්ගිරි අනුනාහිමියන් මේ බව සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *