ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා දිවිමගෙන් සමුගනී

(22.07.2018 – nethnews.lk)

ප‍්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 85 ක්.

නාට්‍යවේදීයෙකු මෙන්ම චිත‍්‍ර සහ මූර්ති ශිල්පියෙකු ලෙසද ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා කටයුතු කළා.

ඔහු නිර්මාණය කළ මොණරවිල, වාඩිය, සමනළ කන්ද හා දුටුගැමුණු රසිකයින් අතර ජනපි‍්‍රයත්වයට පත්වූ නාට්‍ය අතරින් කිහිපයක්. ගුරුවරයෙකු ලෙස ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා පෙන්වා දුන් මග ඔස්සේ යමින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දක්ෂයින් රැසක්ද බිහිවුණා.

මොරටුව වේල්ස් කුමර විදුහලේ වේදිකා නාට්‍ය අංශ ගුරුවරයා ලෙස තිස්ස ගුනවර්ධන මහතා දීර්ඝ කාලයක් කටයුතු කළා.

+++++++++++++++++++++++++++++++++++++

(24.06.2013 – gossiplankanews.com)

අමෙරිකාවේ පැවැති නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා සම්මානය ලබා ජගත් චමිල මහතා සෙනසුරාදා, 22-06-2013 දා දිවයිනට පැමිණියේය.

ප්‍රියංකර විතානාච්චි මහතා අධ්‍යක්ෂණය කළ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ මන්ද මානසික තරුණයකුගේ චරිතය රඟපෑම වෙනුවෙන් මේ සම්මානය ඔහුට හිමිවිය.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව සභාපති අශෝක සේරසිංහ මහතා , ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා ඇතුළු කලාකරුවෝ හා ඔහුගේ මව බිරිඳ හා දරු තිදෙනා ඇතුළුව විශාල පිරිසක් ඔහු පිළිගැනීමට ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

ජගත් චමිල මහතා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් රංගන ශිල්පියකු ලෙස අභිෂේක කළ ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා ජගත් චමිල මහතාව හැඟුම්බරව ගුවන්තොටුපළේ දී පිළිගත් අයුරු :

++++++++++++++++++++++++++++++++++

ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි
(22.07.2018 – 20:45 +0530 – newsfirst.lk/sinhala)

ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රංගන ශිල්පී ජගත් චමිල මහතා සඳහන් කළේ, කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද පස්වරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 85 කි.

60 දශකයේදී රන්තෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් තිස්ස ගුණවර්ධන මහතා වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණය විය.

සිසිල දිනූ දෑත් ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය විය.

මෙම නාට්‍ය දෙකම එළිමහන් වේදිකාවල ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව අධ්‍යක්ෂණය කළ වාඩිය, ප්‍රසිද්ධ වේදිකාවේ වේදිකාගත කළ පළමු නාට්‍ය වේ.

දිගු නාට්‍ය 50 කට අධික සංඛ්‍යාවක් සහ කෙටි නාට්‍ය 150 කට අධික සංඛ්‍යාවක් තිස්ස ගුණවර්ධනයන් විසින් දේශීය වේදිකා නාට්‍ය කලාවට දායාද කරන්නේ පාසල් නාට්‍ය කලාවට ද නැවුම් ජීවියක් ලබාදෙමිනි.

1961 වසරේ සිට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ නාට්‍ය ආචාර්යවරයා ලෙස කටයුතු කළ ඔහු මෙරටට කලාශිල්පීන් රැසක් දායා ද කළේ ය.

විවිධ වයස් කාණ්ඩවලට අයත් තම ගෝල පරපුර සම්බන්ධ කරගනිමින් තිස්ස ගුණවර්ධනයන් අවසන්වරට අධ්‍යක්ෂණය කළේ, දුටුගැමුණු වේදිකා නාට්‍යයයි.

චිත්‍ර , මූර්ති සහ කැටයම් ශිල්පියෙකු ලෙස ද තිස්ස ගුණවර්ධනයන් මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළේ ය ෴

+++++++++++++++++++++++++++++++++

Tissa Gunawardena Funeral (Photos)

*********************************************

“මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන නතර කරන්න” – බන්දුල ගුණවර්ධන
(22.07.2018 – nethnews.lk)

මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන නතර කිරීමට වහාම පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අද (22) යළි අවධාරණය කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන සහ සමස්ථ ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මෙහිදී මෙම අදහස් පළ කළා.

එම වීඩියෝව පහතින් දැක්වෙයි :

++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *